ඉතිහාසයේ අපූර්වත්වය-"චාන්ද් බාඔරි"
රාජස්ථානයෙහි අභිනාරි ගම්මානයේ ඇති චාන්ද් බාඔරි යනු දුර්ලභ සන්ධිස්ථානයක්.ඉන්දියාවේ ඉතා පැරණි පඩිපෙල් ළිඳක් වන මෙය ලොව විශාලම පඩිපෙල් ළිඳ ලෙස සැළකෙනවා.කෙනෙකුට වෙනත් ආකාරයක ස්ථානයක් ලෙස මෙය පෙනුණත් මේ සැබැවින්ම ළිඳක්.තට්ටු 13ක් ගැඹුරට මෙය ඇති අතර තුන් පැත්තකින් ළිං පඩි සම්බන්ධ වනවා.පටු පඩි 3500ක් මෙහි ඇති අතර ඉතා විශිෂ්ට සමමිතියකින් මෙය නිමවා තිබෙනවා.ළිං පත්ල මීටර් 20ක් ගැඹුරු වන අතර මෙහි ජලය අමුතු කොළ පැහැයක් ගන්නවා.චාන්ද් නිකුම්බා (CHAND NIKUMBA) රාජ්‍ය සමයේ (8-9 සියවස් වල) නිමකළ මෙය නූතන ජල යෝජනා ක්‍රම ඇතිවීමට බොහෝ කලකට පෙර ද ඉතා දියුණු ජල පද්ධතීන් තිබුණු බවට කදිම සාක්ෂියක් දෙයි.ජලයේ මේ අසාමාන්‍ය පැහැය නිසා එදිනෙදා ජල පරිභෝජනයට දැන් මෙය යොදාගන්නේ නැහැ.කෙසේ වෙතත් වසර 1000කට එපිට ඉතිහාසහයක් ඇති මෙම ළිඳත් මෙයට ආසන්නයේ ඇති දේවාලයත් සංචාරකයන්ට මෙන්ම ගවේෂකයන්ට ද වටිනා නැරඹුම් ස්ථානයක් බවට පත්වී තිබෙනවා.
BAWDI/BAORI නමින් හඳුන්වන පඩිපෙල් ළිං ඉන්දියාවටම ආවේණික වූ විශේෂයක්.මේ ආකාරයේ ළිං හරහා ළිඳ පත්ලේ ජල ඇති කොටස දක්වාම ළං වීමට ද පුළුවන්.සාමාන්‍යයෙන් පඩිපෙල් ළිං වෙනත් සාමාන්‍ය ළිං වලට වඩා විශාල වන අතර ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වයද පෙන්නුම් කරනවා.
සැබවින්ම මේ ළිඳ ජ්‍යාමිතික සංකීර්ණත්වය සමඟ පඩි විශාල ප්‍රමාණයක් දෙපැත්තටම සාදා තිබීමෙන් එකල රාජ්පුත් වැසියන් විශාල පිරිසකට සෑම පැත්තෙන්ම එකවර ළිඳට ඇතුල් වීමට හැකියාව ලැබී තිබෙනවා.මෙවන් ළිඳක් නිර්මාණය කිරීමට සැබෑ හේතුව පැහැදිලි නැතිමුත් ඇතමුන්ගේ මතය නම් මෙය අස්වැද්දීමේ කටයුතු වලට යොදාගැනුණු බවයි.රාජස්ථානය ඉතාම වියළි ප්‍රදේශයක් නිසා වැටෙන ජල බිංදුවක් වුවද ඉතා වටිනවා.ළිඳේ ද්වාරය විශාල පුනීලයක් සේ ඇති සෑදී නිසා ලැබෙන වැසි ප්‍රමාණය වුවත් අපතේ නොයා ලබාගැනීමට හැකියි.
අභිනාරි වාසීන්ගේ උත්සව ස්ථානයක් ලෙසත් චාන්ද් බාඔරි යොදාගැනෙනවා.උෂ්ණ සෘතුවේදී මෙහි පඩිපෙල් වල වාඩිවී සිට සිසිලස විඳීමටත් එහි මිනිසුන් පුරුදුවී සිටිනවා.හේතුව ළිං පත්ලේ උෂ්ණත්වය ළිඳෙන් ඉහළ උෂ්ණත්වයට වඩා අංශක 5-6 ක ප්‍රමාණයකින් අඩුවීමෙන් ලැබෙන සිසිල් නිසායි.
තුන්පැත්තකින් පඩිපෙල් ඇති අතර සිව්වැනි පැත්තේ මණ්ඩපයක් නිර්මාණය කර තිබෙනවා.ආගමික මෙන්ම විවිධ සංස්කෘතික ගල් කැටයම් වලින් මෙය සමන්විත වෙනවා.රජුට සහ රැජිනට ගෘහයක් මෙන්ම කලා කටයුතු වලට වෙනම ශාලා ද මෙහි තිබෙනවා.
"THE FALL" චිත්‍රපටයට හා CHRISTOPER NOLAN ගේ "THE DARK KNIGHT RISES" චිත්‍රපටයට ද පසුබිම් සඳහා චාන්ද් බාඔරි යොදාගෙන තිබෙනවා.
වර්තමානයේදී ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මෙහි සංරක්ෂණ සහ නඩත්තු කටයුතු මෙන්ම තවදුරටත් සමීක්ෂණ කටයුතු පවත්වාගෙන යනවා.
Wednesday, December 2, 2015
Sunday, November 29, 2015
අඩ සියවසක් පසු කලද, මතකයෙන් නොගිලිහුනු කෙනඩි ඝාතනය හා ඊට පසුබිම් වූ සිදුවී
ම්අඩ සියවසක් පසු කලද, මතකයෙන් නොගිලිහුනු කෙනඩි ඝාතනය හා ඊට පසුබිම් වූ සිදුවී.....
ඇමරිකානු එක්සත් ජනපදයේ 35 වන ජනාධිපතිවරයා වූ ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් කෙනඩි,1963 නොවැම්බර් 22 වන සිකුරාදා දිනදී, ටෙක්සාස් ජනපදයේ, ඩලස් නුවර, ඩීලී ප්ලාසා පෙදෙසේදී, මධ්‍යම සම්මත වේලාවෙන් ප.ව. 12:30 ට පමණ වෙඩි තබා ඝාතනය කරන ලද්දේ ජනාධිපති බිරිය වූ ජැකොලින්, ටෙක්සාස් ආණ්ඩුකාර ජෝන් කොනලි සහ, කොනලිගේ බිරිය නෙලී සමගින්, ජනාධිපති ලිමොසින් රථයේ මෝටර් රථ පෙරහරක ගමන් කරමින් සිටියදීය. ලී හාවි ඔස්වල්ඩ් නම් හුදකලා වෙඩික්කරුවා විසින් කෙනඩි වෙත මරණීය තුවාල ගෙන දෙන ලෙසින් වෙඩි තබන ලද්දේය. වෙඩිතැබීමෙන් පසු පැයක පමණ කාලයක ලුහුබැඳීමකින් අනතුරුව ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඇසින් දුටු සාක්ෂි කිහිපයකට අනුවය. කෙනඩි ඝාතනයෙන් දින 2 කට පසු ඔස්වල්ඩ් වෙඩික්කරුවාව, ඩලස් පොලිසිය වෙත ගෙන යන අවස්ථාවේදී ජැක් රූබි නම් සමාජශාලා හිමිකරුවා විසින් ඔහුව වෙඩි තබා ඝාතනය කරන ලදී. එහිදී ජැක් රූබි අත්අඩංගුවට පත්විය.1963 නොවැම්බර් සිට 1964 සැප්තැම්බර් දක්වා දසමසක් පුරා පවත්වන ලද විමර්ෂණයට පසුව, වොරන් කොමිෂන් සභාව විසින් අවසන් තීරණයකට එළඹියේ, කෙනඩි ඝාතනය අරභයා ඔස්වල්ඩ් විසින් ස්වීය ලෙසින් ක්‍රියා කරන ලද බවත්, ඔස්වල්ඩ් නඩු විභාගයකට පෙනී සිටීමට හැකි වීමට පෙර ජැක් රූබි විසින් ද ස්වීය ලෙසින් ඔහු මරාදැමූ මරා දැමූ බවත්ය. තවද කෙනඩි ජනාධිපතිවරයාගේ ඝාතනය සිදුවූ අවස්ථාවේ එම රිය පෙරහැර තම ගෘහස්ථ කැමරාවෙන් දර්ශනගත කරමින් සිටි ඒබ්‍රහම් සැප්රුඩර් නම් පුද්ගලයාට අහම්බයකින් එම ඝාතනය පටිගත කර ගත හැකි විය. එම දර්ශන පෙළ, දැනට මිනීමැරුමක් දර්ශනගත කල පැහැදිළිම දර්ශන පෙළ වන අතර එය සැප්රුඩර් චිත්‍රපටය ලෙස ප්‍රචලිතය. මිනීමැරුම් වල දර්ශන කොතරම් පටිගත වී තිබුනද, මෙහි ජනපතිවරයාගේ හිස වෙඩි පහරවල් දෙකකින් පසාරු වී යන අයුරු පැහැදිළිව දක්නට තිබේ. මෙම සැප්රුඩර් චිත්‍රපටය, ඝාතනය පිළිබඳ පරීක්ෂණ වලට බොහෝ සෙයින් උපකාර වී තිබේ. එක් දර්ශනයක දක්නට ලැබෙනුයේ වෙඩිතැබීම වීමට තප්පර කීපයකට පෙර ජනපති ගමන්ගත් රථයේ පිටුපස රතු බල්බය හෙවත් තිරිංග බල්බය දැල්වෙන ආකාරයයි. එහිදී රියදුරු රථයේ වේගය අඩු කිරීමට උත්සහ ගත් බවක්ද පරීක්ෂණ වලදී අවධානයට ලක් වී ඇත. ඒ පිළිබඳව රථය පිටුපසින් ගමන් ගත් යතුරුපැදි පොලිස්වරයා ද තහවුරු කර ඇත. තවද ජනාධිපතිවරයා ට වැදුනු උණ්ඩ තුනෙන් පළමුවැනි උණ්ඩය වැදී ඇත්තේ ඔහුගේ බෙල්ලට පහලින් දකුණු පසට වන්නටය. එහි විශේෂ කරුණ නම් එම උණ්ඩය ජනපතිගේ සිරුර තුළින් ගමන් කර ඔහුට ඉදිරි අසුනේ ගමන්කරමින් සිටි කොනලි ආණ්ඩුකාරවරයාගේ පිට ප්‍රදේශයට ද වැදීමයි. එකල පරීක්ෂකවරුන් එය මැජික් බුලට්ටුවක් ලෙස හඳුන්වා ඇත. එහිදී කොනලි ආණ්ඩුකාරවරයාගේ ජීවිතය බේරුනද එම සිදුවීම ගැන අදහසක් ගැනීමට සැප්රුඩර් චිත්‍රපටය අවස්ථාව සලසා තිබුනේ උණ්ඩය ජනපති සිරුරට එල්ල වන අවස්ථාවේදී ඔහු තම බෙල්ල අල්ලාගන්නාවිට, ආණ්ඩුකාරවරයාගේ සිරුරද එක වර චලනය වීමෙනි. ඔවුන් දෙදෙනාවම එක වර ඝාතනය කිරීමේ අරමුණක් ඇතිව කල සුක්ෂම මෙහෙයුමක් ලෙසද එකල බොහෝ මත ඇති විය. තවද මෙම සැප්රුඩර් චිත්‍රපටය ඉතිරි කෙරු සුවිශේෂී සිද්දිය වන්නේ බබුෂ්කා කාන්තාවගේ සිදුවීමයි. බබුෂ්කා යනු රුසියානු බසින් කරුණාවන්ත අත්තම්මා වැනි අදහසක් දෙන වචනයකි. එනම් රුසියාවේ අනුන්ට පිහිටවූ මහලු කාන්තාවකට පටබැඳි වචනයකි. මෙම සැප්රුඩර් චිත්‍රපටයේ එන බබුෂ්කා කාන්තාවට එම නම තබනු ලැබ ඇත්තේ එය පටිගත කල ඒබ්‍රහම් සැප්රුඩර් ම වේ. ඒ ඔහු රුසියානු ජාතිකයෙක් වන බැවිනි. මෙහිදී මෙම කාන්තාව කෙනඩි ජනපතිගේ ඝාතනය වූ අවස්ථාවේ ඒ අවට ජනයා සමඟ බොහෝ වෙලාවක් එහි රැඳී සිට ඇත. සැප්රුඩර් චිත්‍රපටයේ සහ වෙනත් කැමරා වලින් ගත් ඇයගේ පින්තුරද බොහොමයක් වේ. මෙහි විශේෂත්වය නම් ජනපතිවරයා රථ පෙරහැරේ එන පුරාවටම ඇය කැමරාවකින් එය පටිගත කරමින් සිටියාය. නමුත් ජනපතිට වෙඩි පහර වැදුණු අවස්ථාවේ අවට සිටි සියලු ජනයා බිම දිගා වෙද්දී සහ පොලිස්කරුවන් සියලුදෙනා ඒ දිසාවට දිවයද්දී ඇය සිටගෙනම එම පටිගත කිරීම චකිතයකින් තොරව නොකඩවා කරගෙන යාමයි. සුළු වේලාවකින් පසු ඇය ජනයා අතර නොපෙනී ගිය බවද, ඉන් පසු ඇය පිළිබඳ කිසිදු ආරංචියක් නොලැබුන බවද, ඇයව හඳුනන කෙනෙකු හෝ නොසිටි බවටද පොලිසිය විසින් පවසා ඇත. මෙම කාන්තාවගේ චායරුප තවමත් නොවිසඳුණු අභිරහස් චායාරුප තුල අන්තර්ගත වේ. තවද සමහරුන්ගේ මතය අනුව ඇය කාලතරණක් මඟින් එම අවස්ථාවට සම්බන්ධ වූ බව පැවසේ. මෙලෙස මතිමතාන්තර විශාල ප්‍රමාණයක් මෙම සිදුවීම පිළිබඳ ඇත. තවමත් මෙම මරණය පිළිබඳ ලිපි පළවේ. ජනපතිවරයා ගේ මරණය සිදුවී අඩ සියවසක් ගත වුවද, තවමත් ඒවා වල අඩුවක් නොමැත්තේ එම සිදුවීම ජනයාගේ සිත් තුළින් පහ කල නොහැකි අඳුරු සිදුවීමක් වූ බැවිනි
wasath madhukara.

# තැඹිලි බීමේ රහස
# තැඹිලි බීමේ රහස
ඒ 1956 මැතිවරණ සමයයි.එක්සත් ජාතික පක්ෂය1952 මහ මැතිවරණයේදී තමන්ට අහිමි වූ ආසන රැක ගැනීමට බලවත් වෙහෙසක් දැරුවේය.ඒ අනුව බද්දේගම ආසනයේ බද්දේගම හා ඇල්පිටිය නගර සභා දෙකේම රැස්වීම් සදහා සර් ජෝන් කොතලාවල මහතා කැදවා තිබුණි.මේ නිසා ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන්ද බද්දේගම ආසනයේ ප්‍රධාන රැස්වීම් වලට අමතරව කුඩා රැස්වීම් හා පිළිගැනීම් කිහිපයක්ම සංවිධානය කර තිබුණි.එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ සහ බද්දේගම මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂක හෙන්රි අබේවික්‍රම මහතාගේ ආසන සංචාරයේදී මග දෙපස හා රැස්ව සිටි පිරිස් ඔව්නට තැඹිලි පිළිගැන්වූහ.යන යන තැනින් තැඹිලි පිළිගැන්වීම නිසා ඒවා පානය කල අබේවික්‍රම මහතාගේ බඩ පිරී ගියේ තවත් යමක් බීමට ඉඩක් නොමැති ලෙසටය.එහෙත් ඊළග පිළිගැනීමේ ස්ථානයේදී අපෙනුත් බොන්න අපෙනුත් බොන්න යැයි මිනිසුන් පෙරැත්ත කරනවිට අබේවික්‍රම මහතාට කේන්ති ගියේය.කොහොමද තව බොන්නෙ?මම තැඹිලි බීල බීල බඩ පිරිල ඉන්නෙ,අබේවික්‍රම මහතා තමන්ට බලෙන් තැඹිලි පෙවීමට උත්සහ කළ පිරිස් වලට සැරෙන් කියමින් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.එහෙත් බණ්ඩාරනායක මහතා තමාට පිළිගැන්වූ හැම තැනදීම ඒවා තමාට පිරිනැමූ අයට ස්තූති කරමින් තැඹිලි බී කොටසක් ඉතිරි කර ඒ අයටම දී මිනිසුන්ගේ හිත්ද දිනාගත්තේය.තමාට වඩා කෙසග සිරුරක් ඇති තම නායකයාගේ මේ තැඹිලි බීමේ ඔරොත්තු දෙන ස්වභාවය පිළිබදව අබේවික්‍රම මහතා පුදුමයට පත්විය.ඊළග පිළිගැනීමේ ස්ථානයට මෝටර් රියෙන් යනවිට බණ්ඩාරනායක මහතා අබේවික්‍රම මහතාට මෙසේ අවවාද කළේය.අයිසෙ හෙන්‍රි ඒ මිනිස්සු ආසාවෙන් අපට තැඹිලි පිළිගන්වන්නෙ අපට තියන හිතවත්කමට,ඉතින් ඇයි උඹ ඒව එපා කියන්නෙ?.කළින් තැඹිලි බීලා බීලා මගේ බඩේ ඇගිල්ලක්වත් ගහන්න ඉඩ නෑ ඉතින් මම කොහොමද සර් තව තැඹිලි බොන්නෙ?.කව්ද මෝඩයො උඹට දෙන දෙන ඒව බොන්න කීව්වෙ?.ඒ උනත් දෙන ඒව අරගෙන ටිකක් කටේ තියාගෙන ඉදල ආපහු දීපන් ඒ මිනිසුන්ගෙ හිත සැනසෙන්න,සිය තැඹිලි බීමේ රහස හෙලි කරමින් බණ්ඩාරනායක මහතා පැවසීය

ගෝල්ඩන් ගේට් පාලම.........
ඔබ බටහිර චිත්‍රපට වලට උනන්දුවක් දක්වන අයෙක් නම් අනිවාර්යයෙන් මේ ගැන මතක ඇති.මන්ද ගෝල්ඩන් ගේට් තරම් සිනමා නිර්මාණ සදහා දායක වු පාලමක් ලොව නැති තරම්.මීටර් 2737ක් දිග මෙම පාලම ඉදිකර තිබෙන්නේ ඇමරිකාවේ සැන් ප්‍රැන්සිස්කෝ බොක්ක හරහා.මෙම පාලම ඉදිකිරීමට පෙර සැන් ප්‍රැන්සිස්කෝ නගරයට ගමන් කිරීමට ගෝල්ඩන් ගේට් සමුද්‍ර සන්ධිය බෝට්ටුවකින් තරණය කිරීමට සිදුව තිබුණා.ඉතින් මේ ස්ථානය සදහා පාලමක අවශ්‍යතාව ගැන මුල්ම අදහස ඉදිරිපත් කරන්නේ ජේම්ස් විල්කින්ස් කියන ඉංජිනේරුවා.නමුත් බොහෝ දෙනා හිතුවේ මෙම අදහස ක්‍රියාත්මක කිරීමට අපහසු නිෂ්ඵල කටයුත්තක් බව.පාලමක අවශ්‍යතාව දැඩිව දැනීමත් සමග පාලම සැළසුම් කිරීම අරඹන්නේ උත්සාහ කර හෝ බැලීමේ අරමුණින්..සැළසුම් කටයුතු භාර කරන්නේ ජෝෂප් ස්ට්‍රව්ස් කියන සැළසුම් ශිල්පියාට.ඔහු අර්වින් මොරෝව් හා චාර්ල්ස් එලීස් යන සහයක සැළසුම් ශිල්පීන් දෙදෙනාත් සමග පාලම සැළසුම් කර ඉදිකිරිම් ආරම්භ කරනවා 1933 ජනවාරි 05 වෙනිදා.

දැඩි මීදුම,ප්‍රචණ්ඩ උදම් රළ
පහර සමග පාලමේ පාදම ඉදිකිරීම සදහා සේවකයින් දැඩි පරිශ්‍රමයක් ගත් බවයි
පැවසෙන්නේ.1937 පෙබරවාරි 17 දින සේවකයන්ගේ ආරක්ෂාවට ඇද තිබු දැල මතට
පලංචියක් කඩා වැටීමෙන් සේවකයින් 10 දෙනෙකු මිය යාම ගෝල්ඩන් ගේට්
ඉදිකිරීමේදී සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ලෙස සැළකෙනවා.විවිධ දුෂ්කරතා මැද
ඉදිකිරිම් ආරම්භ කල පාලමේ වැඩකටයුතු සියළු වැඩකටයුතු 1937 මැයි 27
දින අවසන් කරනවා.ඊට පසුදිනම එවකට ඇමරිකානු ජනාධිපති ෆ්රෑන්ක්ලීන්
රූස්වෙල්ට් විසින් පාලම විවෟත කරනු ලබනවා.
මේ දක්වා කාලය තුළ මෙම පාලමෙන් පහලට පැනීමෙන් 1400 පමණ දෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.වර්තමානයේ දිනකට මෝටර් රථ 125,000 කට අධික ප්‍රමානයක් දිනකට පාලම භාවිතා කරනවා....ඇමරිකාවේ සංකේතයක් බඳු ගෝල්ඩන් ගේට් පාලම, පාලම් ඉංජිනේරැ තාක්ෂණයේ විශිෂඨ නිර්මාණයක් ලෙස සැළකෙනවා.......
sameera perera

ගවේෂකයන්ට මරු කැන්දූ ටූටන්කාමන් ශාපය...........
ගවේෂකයන්ට මරු කැන්දූ ටූටන්කාමන් ශාපය..................
පාරාවෝ ටූටන්කාමන්ගේ මරණය පිලිබඳ මත දෙකක් පවතී...එකක් නම් ඔහුතම කරත්තය ඇද වැටීමෙන් මරණය ට පත්වුණිය යන්නයි...අනික නම් හිසට එල්ල කල තියුණු පහරක් මගින් ඝාතනය වීය යන්නයි.කෙසේ වෙතත් මරණය අභිරහසක්ව පැවතියත් එයටත් වඩා අභිරහස් දනවන කාරණය වන්නේ පළමු වරට ටූටන්කාමන් සොමොන් ගෙය සොයාගත් පුරාවිද්‍යා කණ්ඩායම ට අත්විඳීමට සිදුවූ නොනැවතුණු බිහිසුණු මරණ සමූහයයි...
1918-1923 වකවානුවේ හැරල්ඩ් කාටර් නම් පුරාවිද්යාඥයයා විසින් ඊජිප්තුවේ කැණිම් සඳහා ප්රධානත්වය ගෙන කටයුතුකලේය. කාටර් සහ ඔහුගේ කණ්ඩායමට කැණිම් තවදුරටත් කරගත නොහැකි වනසේ ශෛලමය තැටියක් පතුලේ හමුවිය. තවදුරටත් පරික්ශා කිරිමෙන් එය ටූටන්කාමුන් ගේ සොහොනට යන මාර්ගය වසා ඇති දොරටුවක් බව හඳුනාගැනිනි. එහි මෙසේ කොටා තිබිනි.
“ටූටන්කාමුන් ගේ දීර්ඝ නින්දට බධා කරන්නන්ට මරණය සොයා එනු ඇත. “
කාටර් විසින් සොහොන වසා තිබූ ශෛලමය තැටිය බිදින්නට පටන් ගත් ප්රථම දිනයේම කාටර් විසින් ඇති දැඩි කරනු ලැබු කැනරි කුරුල්ලා නාගයකුගේ ගොදුරක් විය.ඊජිප්තු ප්රවාදයකට අනුව ටූටන්කාමුන්ගේ ආරක්ෂකයෝ වූයේ නාගයකු සහ ගිජුලිහිණියකුය. කාටර් නැවති සිටි නිවසේ සේවකයා විසින් මෙය අනතුහැඟවිමක් වියහැකි කියා කාටර්ට දැන්වුයේය.නමුත් කාටර් මෙය නොසලකා හැරියේය.
සොහොන ඇතුලත ඉතා අගනා පුරාවස්තු විශාල ප්රමානයක් තිබුණි.මේ අතර ගලින් කරණ ලද විශාල මිනී පෙට්ටියක් තිබිනි .එයතුල රනින් කරන ලද තවට් කුඩා මිනිපෙට්ටි තුනක්ද විය.
එකක් මත තවකක් තාබා තිබු මිනිපෙට්ටි තුනේ අවසාන මිනිපෙට්ටියේ ද ඉහත අනතුරු හැඟවීම දක්වා තිබුනි. අවසාන මිනිපෙට්ටියේ ඇතුලත ටූටන්කාමුන්ගේ ශරීරය විය.
මෙයින් පසූ ශාපය ක්රියාත්මක විමට පටන් ගැණිනි.මුල්ම මිනිස් බිල්ල වූයේ මුල්යාධාර සැපැයු කානවන් සාමිවරයාය.මරණයට හේතුවවුයේ මදුරුවෙකු දෂ්ට කර නියුමෝනියාව වැළඳි එය උත්සන්න වීමනි.
ඔහු මිය යන අවස්ථාවේ මුලු කයිරො නුවරම අන්ධකාරයේ ගිලුනි.මේ අවස්ථාවේම ලන්ඩනයේ සිටි කානවන් සාමිවරයාගේ සුරතල් බල්ලා උඩූබුරා මියගියේය.
මෙය ආරම්භය පමණි. කානවන් සාමිවරයාගේ අභාවයෙන් පසු තවත් මරණ රැසක් ම සිදුවිය.
මෙයින් බොහොමයක් දෙනා කැනිම් කටයුතුවල නිරතවුවන්ය.ඔවුන් මරු වැලඳ ගත්තේ ඉතා අස්වාභාවික හේතු මතය. කානවන්ගේ මරණයට දිනදෙකකට පසු ටූටන්කාමන්ගේ ශරීරය පරික්ශාකිරිමේදි මුහුණේ කැලැලක් සොයා ගන්නාලදි.එය හරියටම කානවන් සාමිවරයාගේ මරණය හේතුවු මදුරුවා දෂ්ට කල තැනය.
ඉන්පසු කැණිම් කටයුතුවලට සහභාගි වු ආතර් මේස් නම් පුරාවිද්යඥයා අධිමූර්ඡාවට (coma) පත්වී මියගියේය.කාර්නවන්ගේ මරණයට පැමිණි කානවම් සාමිවරයාගේ මිතුරෙකු වූ ජොර්ජ් ගොඋල්ඩ් නැවත පිටත්වීමට පෙර ටූටන්කාමන්ගේ සොහොන දැක බලා ගත්තේය.ශාපයෙන් ඔහුටද ගැලවීමක් නොවිනි.
පසුදින ඔහු අධික උණේන් ඇද වැටුනේය .පැය දොලහකට පසු ඔහු මිය පරලොව ගියේය.සොහොන ඉදිකල කාල වකවානු සහ ටුටන්කාමන්ගේ මරණයට හේතු එක්ස් කිරණ මගින් සොයා ගැනිමට පැමිණි අර්චිබෝල්ඩ් රීඩ් නම්වූ විකිරණවේදියා අධික වෙහෙස නිසා නැවතත් තම මව් රට වූ එන්ගලන්තයට පිටවගිය අතර පැය කිහිපයකින් මරුමුවට පත්වූයේය.
කානවන්ගේ ලේකම් වූ රිචර්ඩ් බෙතෙල් සොහොන විවෘත කර මාස හතරකට පසු හෘදායාබධයක් වැළදි මිය ගියේය. ජොයෙල් වුල් නම්වු කර්මාන්තශාලා හිමිකරුවෙකුද සොහොන දැක බලා මාස කිහිපයකයට පසු වෛද්යවරුන්ට හඳුනාගත නොහැකි හේතුවක් සහිතවූ උණෙන් මරු තුරුලට ගියේය.කානවන් සාමිවරයාගේ සහොදරයෙකු විසින් නැවතත් මෙම සොහොනේ කටයුතු ආරම්භ කරන්නට යෙදුනේය.ඔහුත් ශාපයට ගොදුරුවිය. කානවන් සාමිවරයාගේ සහොදරයෙකු විසින් නැවතත් මෙම සොහොනේ කටයුතු ආරම්භ කරන්නට යෙදුනේය.ඔහුත් ශාපයට ගොදුරුවිය. පුදුමයක් ලේස හැරල්ඩ් කාටර් පමණක් 1939 දක්වා ජිවත්ව සිටියේය..
ඊජිප්තු පුරාවිද්යා අධ්යක්ෂක මුහමද් ඉබ්රාහිම් සොහොනෙන් සොයාගත් පුරාවස්තු විදේශයන්හි ප්රදර්ශණය කිරිමට ඊජිප්තු රජය විසින් 1966 දී ගත් තීරණයට එකහෙලාම විරුද්ධ වුයේය.පුරාවස්තු රටින් පිටකළහොත් රටට භයානක ඉරණමකට මුහුණ දිමට සිදුවන බව කියා සිටියේය. ඔහු අවසාන සාකච්චාවේන් පිටතට පැමිණ කාරයක හැපි මරු දැක්කේය.1972 දී පුරා වස්තු ලන්ඩනයේ ප්රදර්ශනයට ගෙනගිය අවස්ථාවේ නැවතත් ශාපය ක්රියාත්මක විනි.අචාර්ය ගමාල් මහරෙස් එහි ශාපයක් නොවන බවත් එය සහ සිද්ධි සමුදායක් බවත් කියා සිටියේය. එන්ගලන්තයට ගෙනයාමට පුරාවස්තු ඇසුරුම් අධික්ෂනය කළ දිනයේ රාත්රියේම මිය පරලොව ගියේය.
.
මිත්‍යා හා අදෘශ්‍යමාන බලවේග මෙම මරණය යන්ට හේතුවූ බව අයෙකුට පැවසිය හැකිමුත් තවත් අයෙකුට එය මිත්‍යාවක් බවට තර්ක කල හැක. නමුත් අපිත් නොදන්නා අප වටා ඇති අපගේ මානයට හසු නොවෙන්නා වූ ක්‍රියාකාරකම් සමුදායක් පවතින බවට ඉඟියක් මේ හරහා සමාජගත වන බව මාගේ මතය
Rashan wijemanna

සාලිය අශෝක මාල ප්රේම වෘතාන්තය ….
ලංකාවේ රෝමියෝ ජුලියට්ල නොසිට් යට අපේ සාහිත්යත් , ප්රේම වෘතාන්ත වලින් පොහොසත් ඒ අතර කැපීපෙනෙන සාලිය අශෝක මාල ප්රේම වෘතාන් යයි මේ ,
දුටුගැමුණු රජතුමාටත් ,උන්වහ්න්සේ ගේ අගමෙහෙසියත් ලැබුනු පුතු සාලිය නම් වෙනවා ,මේ
කුමරු ඉපදී පෙර ආතමයේ කල කුසල කර්මය නිසා කුමරු ඉපදී වසර 12 ක් යනතෙක් ,ඇල් සහල් බොහෝ ලැබුනු හෙයින් කුමරු සාලිය නම් වුනාලු . මෙවන් වාසනාවන්ත පුතෙකු ලැබීම නිස රජු හා බිසව අතෙන්ම සතුටු වෙන්න ඇති ,
කොහොම වුවත් සාලිය කුමරු වැඩිවියට පත්වු පසු දිනක් පිරිවර සමග රථ යක නැග අනුරපුර නුවර සංචාරයක යෙදී සිටියා එහිදී තමයි ,මුල්වරට අශෝක මාලව දකින බව සිහලවත්ථුවේ දක්වන්නේ .
ඇය රොඩීකුල කතක් නිසා රජු දැක බියට පත්ව බිත්තියට හෙත්තුවී තිබෙන්වා . පාරෙන් ඉඩ දීමට පසකට වෙලා සිට් තරුනිය දැක , මේවෙලාවෙ කුමරු සෙවකයන් ගෙන් අහන වලු ,කවුද අර සිතුවම ඇන්දෙ කියල .
ඇත්තෙන්ම මෙයි සිතුවමක් නොව ච්න්ඩාල කෙල්ලක් කියා දැන ගත්තට පස්සෙත් ,පෙර ඉදන් පතා ගෙන එන සංසාර බැදීම නිසා කුමරු ඇයව අන්තපුරයට ගන්නවලු.
මේ කථාව තවත් මූලාශ්රවල තියෙන්නෙ මීට ටිකක් වෙනස් විදිහට ,ඒ රන්මසු උයනෙ අශෝකමල් කඩමින් සිටි සුරූපී චන්ඩාල කුල අශෝකමාලාවට කුමරු වසග වූ බවයි ,
කොහොම උනත් අඩුකුලයක ඉපද මෙතරම් රූසපුවක් හිමි කරගන්න ඇය ,පෙර ආත්මයක කල කාරනයක් හෙතුවුවා , මවට සැඩොලිය ලෙස අපහාස කල නිසා ඇය කුලයින් අඩුවුවද පෙර කල කුසල කර්මයන් වලට විපාක ලෙස ඇය රූසපුවෙන් යුතුවුවා.අතෙන්ම ඇය සැඩොලියක වුවද ඇය මහ සැඩොලා ගේ දුව උනා .
කොහොම හරි , මේ දෙන්නගේ විවාහයට කිසිසේත් දෙමවිපියන් කැමති වෙලා නැහැ ,කුමරු අනාගත රජ කම නොතකා ම ඇය විවාහ කර ගත්තා, කොහොම උනත් සාලිය දැන සිටින්න ඇති තම පියා ගෙන් පසුව තම සුලු පියාට රජ කම යන බව .මොකද දෙ බෑයන් ගේ විරසකය සන්සිදු විමට ගිවිසුමක් ගසන්නට ඇති කියලත් හිතෙනව ,මේ අනුව මීලග අනුප්රාප්තිකයා තමා නොවන බව දැන කුමරු අශෝක මාලව විවාහ කර ගන්න ඇති ,
කොහොම හරි දවසක් දුටුගැමුනු රජුට අශෝකමාලව රතු තම්පලා වෑංජන යක් එවල තියනව රජු මේකෑම කන්න හරි කැමතිලු රජු කෑම කන්න හදනකොට අහල තියන්වලු මේක හැදුවෙ කවුද කියල . අශෝක මාලව සැකසුවා කියුවහම රජු කෝප වෙලා ,කෑම විසික් කලා ලූ ,
දින කිහිපයකට පස්සෙ රජු අසනීප වෙලා තියනව ,රාජකිය වෙදුන් කියුවලු මේක සුව කරන්න රතු තම්පලා ඕන කියල කොහොම හරි ,හැම තැනම හොයල ත් තම්පලා හම්බ උනේ නැහැ ලු ,වෙලාවෙ හැටියට සෙවකයෙක් කරන්නෙ තම්පලා විසික් කරනවිට ,මා ලිගයේ බිත්තියේ තැවරිලා තිබුනු ටිකක් ගෙනත් බෙහෙත් කලාලු හොයා ගතෙ කොහොමද අහුවහම අශෝකමලාවගේ වෑංඡනේ එවා කියුවලු ,රජු අන්තිමට තම ලේලි කෙරෙහේ අනුකම්පා කරලා ,තම ලේලිය හා පුතුගේ විවාහය රාජකීය ලෙස සිදු කරනවා තන්තිරිමලේ මාලිගයක් සකසා මොවුන්ට බාර කලා ලු ,ඒවාගේම ඒපැත්තෙ පාලනයත් බාර කලාලු
ඒ වෙලා වෙ දුටුගැමුනු රජු මාර කථාවක් කියුවලු ….ඇත්තටම අශෝක මාලව තම පුතුට පෙර තාමා ඇය දුටුවානම් කුලය නොබලා ඇයව අන්තපුරයට ගන්නව කියුවලු……..

Subscribe to:
Posts (Atom)