ඉතිහාසයේ අපූර්වත්වය-"චාන්ද් බාඔරි"
රාජස්ථානයෙහි අභිනාරි ගම්මානයේ ඇති චාන්ද් බාඔරි යනු දුර්ලභ සන්ධිස්ථානයක්.ඉන්දියාවේ ඉතා පැරණි පඩිපෙල් ළිඳක් වන මෙය ලොව විශාලම පඩිපෙල් ළිඳ ලෙස සැළකෙනවා.කෙනෙකුට වෙනත් ආකාරයක ස්ථානයක් ලෙස මෙය පෙනුණත් මේ සැබැවින්ම ළිඳක්.තට්ටු 13ක් ගැඹුරට මෙය ඇති අතර තුන් පැත්තකින් ළිං පඩි සම්බන්ධ වනවා.පටු පඩි 3500ක් මෙහි ඇති අතර ඉතා විශිෂ්ට සමමිතියකින් මෙය නිමවා තිබෙනවා.ළිං පත්ල මීටර් 20ක් ගැඹුරු වන අතර මෙහි ජලය අමුතු කොළ පැහැයක් ගන්නවා.චාන්ද් නිකුම්බා (CHAND NIKUMBA) රාජ්‍ය සමයේ (8-9 සියවස් වල) නිමකළ මෙය නූතන ජල යෝජනා ක්‍රම ඇතිවීමට බොහෝ කලකට පෙර ද ඉතා දියුණු ජල පද්ධතීන් තිබුණු බවට කදිම සාක්ෂියක් දෙයි.ජලයේ මේ අසාමාන්‍ය පැහැය නිසා එදිනෙදා ජල පරිභෝජනයට දැන් මෙය යොදාගන්නේ නැහැ.කෙසේ වෙතත් වසර 1000කට එපිට ඉතිහාසහයක් ඇති මෙම ළිඳත් මෙයට ආසන්නයේ ඇති දේවාලයත් සංචාරකයන්ට මෙන්ම ගවේෂකයන්ට ද වටිනා නැරඹුම් ස්ථානයක් බවට පත්වී තිබෙනවා.
BAWDI/BAORI නමින් හඳුන්වන පඩිපෙල් ළිං ඉන්දියාවටම ආවේණික වූ විශේෂයක්.මේ ආකාරයේ ළිං හරහා ළිඳ පත්ලේ ජල ඇති කොටස දක්වාම ළං වීමට ද පුළුවන්.සාමාන්‍යයෙන් පඩිපෙල් ළිං වෙනත් සාමාන්‍ය ළිං වලට වඩා විශාල වන අතර ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වයද පෙන්නුම් කරනවා.
සැබවින්ම මේ ළිඳ ජ්‍යාමිතික සංකීර්ණත්වය සමඟ පඩි විශාල ප්‍රමාණයක් දෙපැත්තටම සාදා තිබීමෙන් එකල රාජ්පුත් වැසියන් විශාල පිරිසකට සෑම පැත්තෙන්ම එකවර ළිඳට ඇතුල් වීමට හැකියාව ලැබී තිබෙනවා.මෙවන් ළිඳක් නිර්මාණය කිරීමට සැබෑ හේතුව පැහැදිලි නැතිමුත් ඇතමුන්ගේ මතය නම් මෙය අස්වැද්දීමේ කටයුතු වලට යොදාගැනුණු බවයි.රාජස්ථානය ඉතාම වියළි ප්‍රදේශයක් නිසා වැටෙන ජල බිංදුවක් වුවද ඉතා වටිනවා.ළිඳේ ද්වාරය විශාල පුනීලයක් සේ ඇති සෑදී නිසා ලැබෙන වැසි ප්‍රමාණය වුවත් අපතේ නොයා ලබාගැනීමට හැකියි.
අභිනාරි වාසීන්ගේ උත්සව ස්ථානයක් ලෙසත් චාන්ද් බාඔරි යොදාගැනෙනවා.උෂ්ණ සෘතුවේදී මෙහි පඩිපෙල් වල වාඩිවී සිට සිසිලස විඳීමටත් එහි මිනිසුන් පුරුදුවී සිටිනවා.හේතුව ළිං පත්ලේ උෂ්ණත්වය ළිඳෙන් ඉහළ උෂ්ණත්වයට වඩා අංශක 5-6 ක ප්‍රමාණයකින් අඩුවීමෙන් ලැබෙන සිසිල් නිසායි.
තුන්පැත්තකින් පඩිපෙල් ඇති අතර සිව්වැනි පැත්තේ මණ්ඩපයක් නිර්මාණය කර තිබෙනවා.ආගමික මෙන්ම විවිධ සංස්කෘතික ගල් කැටයම් වලින් මෙය සමන්විත වෙනවා.රජුට සහ රැජිනට ගෘහයක් මෙන්ම කලා කටයුතු වලට වෙනම ශාලා ද මෙහි තිබෙනවා.
"THE FALL" චිත්‍රපටයට හා CHRISTOPER NOLAN ගේ "THE DARK KNIGHT RISES" චිත්‍රපටයට ද පසුබිම් සඳහා චාන්ද් බාඔරි යොදාගෙන තිබෙනවා.
වර්තමානයේදී ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මෙහි සංරක්ෂණ සහ නඩත්තු කටයුතු මෙන්ම තවදුරටත් සමීක්ෂණ කටයුතු පවත්වාගෙන යනවා.
Wednesday, December 2, 2015
Sunday, November 29, 2015
අඩ සියවසක් පසු කලද, මතකයෙන් නොගිලිහුනු කෙනඩි ඝාතනය හා ඊට පසුබිම් වූ සිදුවී
ම්අඩ සියවසක් පසු කලද, මතකයෙන් නොගිලිහුනු කෙනඩි ඝාතනය හා ඊට පසුබිම් වූ සිදුවී.....
ඇමරිකානු එක්සත් ජනපදයේ 35 වන ජනාධිපතිවරයා වූ ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් කෙනඩි,1963 නොවැම්බර් 22 වන සිකුරාදා දිනදී, ටෙක්සාස් ජනපදයේ, ඩලස් නුවර, ඩීලී ප්ලාසා පෙදෙසේදී, මධ්‍යම සම්මත වේලාවෙන් ප.ව. 12:30 ට පමණ වෙඩි තබා ඝාතනය කරන ලද්දේ ජනාධිපති බිරිය වූ ජැකොලින්, ටෙක්සාස් ආණ්ඩුකාර ජෝන් කොනලි සහ, කොනලිගේ බිරිය නෙලී සමගින්, ජනාධිපති ලිමොසින් රථයේ මෝටර් රථ පෙරහරක ගමන් කරමින් සිටියදීය. ලී හාවි ඔස්වල්ඩ් නම් හුදකලා වෙඩික්කරුවා විසින් කෙනඩි වෙත මරණීය තුවාල ගෙන දෙන ලෙසින් වෙඩි තබන ලද්දේය. වෙඩිතැබීමෙන් පසු පැයක පමණ කාලයක ලුහුබැඳීමකින් අනතුරුව ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඇසින් දුටු සාක්ෂි කිහිපයකට අනුවය. කෙනඩි ඝාතනයෙන් දින 2 කට පසු ඔස්වල්ඩ් වෙඩික්කරුවාව, ඩලස් පොලිසිය වෙත ගෙන යන අවස්ථාවේදී ජැක් රූබි නම් සමාජශාලා හිමිකරුවා විසින් ඔහුව වෙඩි තබා ඝාතනය කරන ලදී. එහිදී ජැක් රූබි අත්අඩංගුවට පත්විය.1963 නොවැම්බර් සිට 1964 සැප්තැම්බර් දක්වා දසමසක් පුරා පවත්වන ලද විමර්ෂණයට පසුව, වොරන් කොමිෂන් සභාව විසින් අවසන් තීරණයකට එළඹියේ, කෙනඩි ඝාතනය අරභයා ඔස්වල්ඩ් විසින් ස්වීය ලෙසින් ක්‍රියා කරන ලද බවත්, ඔස්වල්ඩ් නඩු විභාගයකට පෙනී සිටීමට හැකි වීමට පෙර ජැක් රූබි විසින් ද ස්වීය ලෙසින් ඔහු මරාදැමූ මරා දැමූ බවත්ය. තවද කෙනඩි ජනාධිපතිවරයාගේ ඝාතනය සිදුවූ අවස්ථාවේ එම රිය පෙරහැර තම ගෘහස්ථ කැමරාවෙන් දර්ශනගත කරමින් සිටි ඒබ්‍රහම් සැප්රුඩර් නම් පුද්ගලයාට අහම්බයකින් එම ඝාතනය පටිගත කර ගත හැකි විය. එම දර්ශන පෙළ, දැනට මිනීමැරුමක් දර්ශනගත කල පැහැදිළිම දර්ශන පෙළ වන අතර එය සැප්රුඩර් චිත්‍රපටය ලෙස ප්‍රචලිතය. මිනීමැරුම් වල දර්ශන කොතරම් පටිගත වී තිබුනද, මෙහි ජනපතිවරයාගේ හිස වෙඩි පහරවල් දෙකකින් පසාරු වී යන අයුරු පැහැදිළිව දක්නට තිබේ. මෙම සැප්රුඩර් චිත්‍රපටය, ඝාතනය පිළිබඳ පරීක්ෂණ වලට බොහෝ සෙයින් උපකාර වී තිබේ. එක් දර්ශනයක දක්නට ලැබෙනුයේ වෙඩිතැබීම වීමට තප්පර කීපයකට පෙර ජනපති ගමන්ගත් රථයේ පිටුපස රතු බල්බය හෙවත් තිරිංග බල්බය දැල්වෙන ආකාරයයි. එහිදී රියදුරු රථයේ වේගය අඩු කිරීමට උත්සහ ගත් බවක්ද පරීක්ෂණ වලදී අවධානයට ලක් වී ඇත. ඒ පිළිබඳව රථය පිටුපසින් ගමන් ගත් යතුරුපැදි පොලිස්වරයා ද තහවුරු කර ඇත. තවද ජනාධිපතිවරයා ට වැදුනු උණ්ඩ තුනෙන් පළමුවැනි උණ්ඩය වැදී ඇත්තේ ඔහුගේ බෙල්ලට පහලින් දකුණු පසට වන්නටය. එහි විශේෂ කරුණ නම් එම උණ්ඩය ජනපතිගේ සිරුර තුළින් ගමන් කර ඔහුට ඉදිරි අසුනේ ගමන්කරමින් සිටි කොනලි ආණ්ඩුකාරවරයාගේ පිට ප්‍රදේශයට ද වැදීමයි. එකල පරීක්ෂකවරුන් එය මැජික් බුලට්ටුවක් ලෙස හඳුන්වා ඇත. එහිදී කොනලි ආණ්ඩුකාරවරයාගේ ජීවිතය බේරුනද එම සිදුවීම ගැන අදහසක් ගැනීමට සැප්රුඩර් චිත්‍රපටය අවස්ථාව සලසා තිබුනේ උණ්ඩය ජනපති සිරුරට එල්ල වන අවස්ථාවේදී ඔහු තම බෙල්ල අල්ලාගන්නාවිට, ආණ්ඩුකාරවරයාගේ සිරුරද එක වර චලනය වීමෙනි. ඔවුන් දෙදෙනාවම එක වර ඝාතනය කිරීමේ අරමුණක් ඇතිව කල සුක්ෂම මෙහෙයුමක් ලෙසද එකල බොහෝ මත ඇති විය. තවද මෙම සැප්රුඩර් චිත්‍රපටය ඉතිරි කෙරු සුවිශේෂී සිද්දිය වන්නේ බබුෂ්කා කාන්තාවගේ සිදුවීමයි. බබුෂ්කා යනු රුසියානු බසින් කරුණාවන්ත අත්තම්මා වැනි අදහසක් දෙන වචනයකි. එනම් රුසියාවේ අනුන්ට පිහිටවූ මහලු කාන්තාවකට පටබැඳි වචනයකි. මෙම සැප්රුඩර් චිත්‍රපටයේ එන බබුෂ්කා කාන්තාවට එම නම තබනු ලැබ ඇත්තේ එය පටිගත කල ඒබ්‍රහම් සැප්රුඩර් ම වේ. ඒ ඔහු රුසියානු ජාතිකයෙක් වන බැවිනි. මෙහිදී මෙම කාන්තාව කෙනඩි ජනපතිගේ ඝාතනය වූ අවස්ථාවේ ඒ අවට ජනයා සමඟ බොහෝ වෙලාවක් එහි රැඳී සිට ඇත. සැප්රුඩර් චිත්‍රපටයේ සහ වෙනත් කැමරා වලින් ගත් ඇයගේ පින්තුරද බොහොමයක් වේ. මෙහි විශේෂත්වය නම් ජනපතිවරයා රථ පෙරහැරේ එන පුරාවටම ඇය කැමරාවකින් එය පටිගත කරමින් සිටියාය. නමුත් ජනපතිට වෙඩි පහර වැදුණු අවස්ථාවේ අවට සිටි සියලු ජනයා බිම දිගා වෙද්දී සහ පොලිස්කරුවන් සියලුදෙනා ඒ දිසාවට දිවයද්දී ඇය සිටගෙනම එම පටිගත කිරීම චකිතයකින් තොරව නොකඩවා කරගෙන යාමයි. සුළු වේලාවකින් පසු ඇය ජනයා අතර නොපෙනී ගිය බවද, ඉන් පසු ඇය පිළිබඳ කිසිදු ආරංචියක් නොලැබුන බවද, ඇයව හඳුනන කෙනෙකු හෝ නොසිටි බවටද පොලිසිය විසින් පවසා ඇත. මෙම කාන්තාවගේ චායරුප තවමත් නොවිසඳුණු අභිරහස් චායාරුප තුල අන්තර්ගත වේ. තවද සමහරුන්ගේ මතය අනුව ඇය කාලතරණක් මඟින් එම අවස්ථාවට සම්බන්ධ වූ බව පැවසේ. මෙලෙස මතිමතාන්තර විශාල ප්‍රමාණයක් මෙම සිදුවීම පිළිබඳ ඇත. තවමත් මෙම මරණය පිළිබඳ ලිපි පළවේ. ජනපතිවරයා ගේ මරණය සිදුවී අඩ සියවසක් ගත වුවද, තවමත් ඒවා වල අඩුවක් නොමැත්තේ එම සිදුවීම ජනයාගේ සිත් තුළින් පහ කල නොහැකි අඳුරු සිදුවීමක් වූ බැවිනි
wasath madhukara.

# තැඹිලි බීමේ රහස
# තැඹිලි බීමේ රහස
ඒ 1956 මැතිවරණ සමයයි.එක්සත් ජාතික පක්ෂය1952 මහ මැතිවරණයේදී තමන්ට අහිමි වූ ආසන රැක ගැනීමට බලවත් වෙහෙසක් දැරුවේය.ඒ අනුව බද්දේගම ආසනයේ බද්දේගම හා ඇල්පිටිය නගර සභා දෙකේම රැස්වීම් සදහා සර් ජෝන් කොතලාවල මහතා කැදවා තිබුණි.මේ නිසා ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන්ද බද්දේගම ආසනයේ ප්‍රධාන රැස්වීම් වලට අමතරව කුඩා රැස්වීම් හා පිළිගැනීම් කිහිපයක්ම සංවිධානය කර තිබුණි.එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ සහ බද්දේගම මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂක හෙන්රි අබේවික්‍රම මහතාගේ ආසන සංචාරයේදී මග දෙපස හා රැස්ව සිටි පිරිස් ඔව්නට තැඹිලි පිළිගැන්වූහ.යන යන තැනින් තැඹිලි පිළිගැන්වීම නිසා ඒවා පානය කල අබේවික්‍රම මහතාගේ බඩ පිරී ගියේ තවත් යමක් බීමට ඉඩක් නොමැති ලෙසටය.එහෙත් ඊළග පිළිගැනීමේ ස්ථානයේදී අපෙනුත් බොන්න අපෙනුත් බොන්න යැයි මිනිසුන් පෙරැත්ත කරනවිට අබේවික්‍රම මහතාට කේන්ති ගියේය.කොහොමද තව බොන්නෙ?මම තැඹිලි බීල බීල බඩ පිරිල ඉන්නෙ,අබේවික්‍රම මහතා තමන්ට බලෙන් තැඹිලි පෙවීමට උත්සහ කළ පිරිස් වලට සැරෙන් කියමින් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.එහෙත් බණ්ඩාරනායක මහතා තමාට පිළිගැන්වූ හැම තැනදීම ඒවා තමාට පිරිනැමූ අයට ස්තූති කරමින් තැඹිලි බී කොටසක් ඉතිරි කර ඒ අයටම දී මිනිසුන්ගේ හිත්ද දිනාගත්තේය.තමාට වඩා කෙසග සිරුරක් ඇති තම නායකයාගේ මේ තැඹිලි බීමේ ඔරොත්තු දෙන ස්වභාවය පිළිබදව අබේවික්‍රම මහතා පුදුමයට පත්විය.ඊළග පිළිගැනීමේ ස්ථානයට මෝටර් රියෙන් යනවිට බණ්ඩාරනායක මහතා අබේවික්‍රම මහතාට මෙසේ අවවාද කළේය.අයිසෙ හෙන්රි ඒ මිනිස්සු ආසාවෙන් අපට තැඹිලි පිළිගන්වන්නෙ අපට තියන හිතවත්කමට,ඉතින් ඇයි උඹ ඒව එපා කියන්නෙ?.කළින් තැඹිලි බීලා බීලා මගේ බඩේ ඇගිල්ලක්වත් ගහන්න ඉඩ නෑ ඉතින් මම කොහොමද සර් තව තැඹිලි බොන්නෙ?.කව්ද මෝඩයො උඹට දෙන දෙන ඒව බොන්න කීව්වෙ?.ඒ උනත් දෙන ඒව අරගෙන ටිකක් කටේ තියාගෙන ඉදල ආපහු දීපන් ඒ මිනිසුන්ගෙ හිත සැනසෙන්න,සිය තැඹිලි බීමේ රහස හෙලි කරමින් බණ්ඩාරනායක මහතා පැවසීය

ගෝල්ඩන් ගේට් පාලම.........
ඔබ බටහිර චිත්‍රපට වලට උනන්දුවක් දක්වන අයෙක් නම් අනිවාර්යයෙන් මේ ගැන මතක ඇති.මන්ද ගෝල්ඩන් ගේට් තරම් සිනමා නිර්මාණ සදහා දායක වු පාලමක් ලොව නැති තරම්.මීටර් 2737ක් දිග මෙම පාලම ඉදිකර තිබෙන්නේ ඇමරිකාවේ සැන් ප්රැන්සිස්කෝ බොක්ක හරහා.මෙම පාලම ඉදිකිරීමට පෙර සැන් ප්රැන්සිස්කෝ නගරයට ගමන් කිරීමට ගෝල්ඩන් ගේට් සමුද්‍ර සන්ධිය බෝට්ටුවකින් තරණය කිරීමට සිදුව තිබුණා.ඉතින් මේ ස්ථානය සදහා පාලමක අවශ්‍යතාව ගැන මුල්ම අදහස ඉදිරිපත් කරන්නේ ජේම්ස් විල්කින්ස් කියන ඉංජිනේරුවා.නමුත් බොහෝ දෙනා හිතුවේ මෙම අදහස ක්‍රියාත්මක කිරීමට අපහසු නිෂ්ඵල කටයුත්තක් බව.පාලමක අවශ්‍යතාව දැඩිව දැනීමත් සමග පාලම සැළසුම් කිරීම අරඹන්නේ උත්සාහ කර හෝ බැලීමේ අරමුණින්..සැළසුම් කටයුතු භාර කරන්නේ ජෝෂප් ස්ට්රව්ස් කියන සැළසුම් ශිල්පියාට.ඔහු අර්වින් මොරෝව් හා චාර්ල්ස් එලීස් යන සහයක සැළසුම් ශිල්පීන් දෙදෙනාත් සමග පාලම සැළසුම් කර ඉදිකිරිම් ආරම්භ කරනවා 1933 ජනවාරි 05 වෙනිදා.

දැඩි මීදුම,ප්රචණ්ඩ උදම් රළ
පහර සමග පාලමේ පාදම ඉදිකිරීම සදහා සේවකයින් දැඩි පරිශ්‍රමයක් ගත් බවයි
පැවසෙන්නේ.1937 පෙබරවාරි 17 දින සේවකයන්ගේ ආරක්ෂාවට ඇද තිබු දැල මතට
පලංචියක් කඩා වැටීමෙන් සේවකයින් 10 දෙනෙකු මිය යාම ගෝල්ඩන් ගේට්
ඉදිකිරීමේදී සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ලෙස සැළකෙනවා.විවිධ දුෂ්කරතා මැද
ඉදිකිරිම් ආරම්භ කල පාලමේ වැඩකටයුතු සියළු වැඩකටයුතු 1937 මැයි 27
දින අවසන් කරනවා.ඊට පසුදිනම එවකට ඇමරිකානු ජනාධිපති ෆ්රෑන්ක්ලීන්
රූස්වෙල්ට් විසින් පාලම විවෟත කරනු ලබනවා.
මේ දක්වා කාලය තුළ මෙම පාලමෙන් පහලට පැනීමෙන් 1400 පමණ දෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.වර්තමානයේ දිනකට මෝටර් රථ 125,000 කට අධික ප්‍රමානයක් දිනකට පාලම භාවිතා කරනවා....ඇමරිකාවේ සංකේතයක් බඳු ගෝල්ඩන් ගේට් පාලම, පාලම් ඉංජිනේරැ තාක්ෂණයේ විශිෂඨ නිර්මාණයක් ලෙස සැළකෙනවා.......
sameera perera

ගවේෂකයන්ට මරු කැන්දූ ටූටන්කාමන් ශාපය...........
ගවේෂකයන්ට මරු කැන්දූ ටූටන්කාමන් ශාපය..................
පාරාවෝ ටූටන්කාමන්ගේ මරණය පිලිබඳ මත දෙකක් පවතී...එකක් නම් ඔහුතම කරත්තය ඇද වැටීමෙන් මරණය ට පත්වුණිය යන්නයි...අනික නම් හිසට එල්ල කල තියුණු පහරක් මගින් ඝාතනය වීය යන්නයි.කෙසේ වෙතත් මරණය අභිරහසක්ව පැවතියත් එයටත් වඩා අභිරහස් දනවන කාරණය වන්නේ පළමු වරට ටූටන්කාමන් සොමොන් ගෙය සොයාගත් පුරාවිද්‍යා කණ්ඩායම ට අත්විඳීමට සිදුවූ නොනැවතුණු බිහිසුණු මරණ සමූහයයි...
1918-1923 වකවානුවේ හැරල්ඩ් කාටර් නම් පුරාවිද්යාඥයයා විසින් ඊජිප්තුවේ කැණිම් සඳහා ප්‍රධානත්වය ගෙන කටයුතුකලේය. කාටර් සහ ඔහුගේ කණ්ඩායමට කැණිම් තවදුරටත් කරගත නොහැකි වනසේ ශෛලමය තැටියක් පතුලේ හමුවිය. තවදුරටත් පරික්ශා කිරිමෙන් එය ටූටන්කාමුන් ගේ සොහොනට යන මාර්ගය වසා ඇති දොරටුවක් බව හඳුනාගැනිනි. එහි මෙසේ කොටා තිබිනි.
“ටූටන්කාමුන් ගේ දීර්ඝ නින්දට බධා කරන්නන්ට මරණය සොයා එනු ඇත. “
කාටර් විසින් සොහොන වසා තිබූ ශෛලමය තැටිය බිදින්නට පටන් ගත් ප්‍රථම දිනයේම කාටර් විසින් ඇති දැඩි කරනු ලැබු කැනරි කුරුල්ලා නාගයකුගේ ගොදුරක් විය.ඊජිප්තු ප්රවාදයකට අනුව ටූටන්කාමුන්ගේ ආරක්ෂකයෝ වූයේ නාගයකු සහ ගිජුලිහිණියකුය. කාටර් නැවති සිටි නිවසේ සේවකයා විසින් මෙය අනතුහැඟවිමක් වියහැකි කියා කාටර්ට දැන්වුයේය.නමුත් කාටර් මෙය නොසලකා හැරියේය.
සොහොන ඇතුලත ඉතා අගනා පුරාවස්තු විශාල ප්‍රමානයක් තිබුණි.මේ අතර ගලින් කරණ ලද විශාල මිනී පෙට්ටියක් තිබිනි .එයතුල රනින් කරන ලද තවට් කුඩා මිනිපෙට්ටි තුනක්ද විය.
එකක් මත තවකක් තාබා තිබු මිනිපෙට්ටි තුනේ අවසාන මිනිපෙට්ටියේ ද ඉහත අනතුරු හැඟවීම දක්වා තිබුනි. අවසාන මිනිපෙට්ටියේ ඇතුලත ටූටන්කාමුන්ගේ ශරීරය විය.
මෙයින් පසූ ශාපය ක්‍රියාත්මක විමට පටන් ගැණිනි.මුල්ම මිනිස් බිල්ල වූයේ මුල්‍යාධාර සැපැයු කානවන් සාමිවරයාය.මරණයට හේතුවවුයේ මදුරුවෙකු දෂ්ට කර නියුමෝනියාව වැළඳි එය උත්සන්න වීමනි.
ඔහු මිය යන අවස්ථාවේ මුලු කයිරො නුවරම අන්ධකාරයේ ගිලුනි.මේ අවස්ථාවේම ලන්ඩනයේ සිටි කානවන් සාමිවරයාගේ සුරතල් බල්ලා උඩූබුරා මියගියේය.
මෙය ආරම්භය පමණි. කානවන් සාමිවරයාගේ අභාවයෙන් පසු තවත් මරණ රැසක් ම සිදුවිය.
මෙයින් බොහොමයක් දෙනා කැනිම් කටයුතුවල නිරතවුවන්ය.ඔවුන් මරු වැලඳ ගත්තේ ඉතා අස්වාභාවික හේතු මතය. කානවන්ගේ මරණයට දිනදෙකකට පසු ටූටන්කාමන්ගේ ශරීරය පරික්ශාකිරිමේදි මුහුණේ කැලැලක් සොයා ගන්නාලදි.එය හරියටම කානවන් සාමිවරයාගේ මරණය හේතුවු මදුරුවා දෂ්ට කල තැනය.
ඉන්පසු කැණිම් කටයුතුවලට සහභාගි වු ආතර් මේස් නම් පුරාවිද්‍යඥයා අධිමූර්ඡාවට (coma) පත්වී මියගියේය.කාර්නවන්ගේ මරණයට පැමිණි කානවම් සාමිවරයාගේ මිතුරෙකු වූ ජොර්ජ් ගොඋල්ඩ් නැවත පිටත්වීමට පෙර ටූටන්කාමන්ගේ සොහොන දැක බලා ගත්තේය.ශාපයෙන් ඔහුටද ගැලවීමක් නොවිනි.
පසුදින ඔහු අධික උණේන් ඇද වැටුනේය .පැය දොලහකට පසු ඔහු මිය පරලොව ගියේය.සොහොන ඉදිකල කාල වකවානු සහ ටුටන්කාමන්ගේ මරණයට හේතු එක්ස් කිරණ මගින් සොයා ගැනිමට පැමිණි අර්චිබෝල්ඩ් රීඩ් නම්වූ විකිරණවේදියා අධික වෙහෙස නිසා නැවතත් තම මව් රට වූ එන්ගලන්තයට පිටවගිය අතර පැය කිහිපයකින් මරුමුවට පත්වූයේය.
කානවන්ගේ ලේකම් වූ රිචර්ඩ් බෙතෙල් සොහොන විවෘත කර මාස හතරකට පසු හෘදායාබධයක් වැළදි මිය ගියේය. ජොයෙල් වුල් නම්වු කර්මාන්තශාලා හිමිකරුවෙකුද සොහොන දැක බලා මාස කිහිපයකයට පසු වෛද්‍යවරුන්ට හඳුනාගත නොහැකි හේතුවක් සහිතවූ උණෙන් මරු තුරුලට ගියේය.කානවන් සාමිවරයාගේ සහොදරයෙකු විසින් නැවතත් මෙම සොහොනේ කටයුතු ආරම්භ කරන්නට යෙදුනේය.ඔහුත් ශාපයට ගොදුරුවිය. කානවන් සාමිවරයාගේ සහොදරයෙකු විසින් නැවතත් මෙම සොහොනේ කටයුතු ආරම්භ කරන්නට යෙදුනේය.ඔහුත් ශාපයට ගොදුරුවිය. පුදුමයක් ලේස හැරල්ඩ් කාටර් පමණක් 1939 දක්වා ජිවත්ව සිටියේය..
ඊජිප්තු පුරාවිද්‍යා අධ්‍යක්ෂක මුහමද් ඉබ්රාහිම් සොහොනෙන් සොයාගත් පුරාවස්තු විදේශයන්හි ප්‍රදර්ශණය කිරිමට ඊජිප්තු රජය විසින් 1966 දී ගත් තීරණයට එකහෙලාම විරුද්ධ වුයේය.පුරාවස්තු රටින් පිටකළහොත් රටට භයානක ඉරණමකට මුහුණ දිමට සිදුවන බව කියා සිටියේය. ඔහු අවසාන සාකච්චාවේන් පිටතට පැමිණ කාරයක හැපි මරු දැක්කේය.1972 දී පුරා වස්තු ලන්ඩනයේ ප්‍රදර්ශනයට ගෙනගිය අවස්ථාවේ නැවතත් ශාපය ක්‍රියාත්මක විනි.අචාර්ය ගමාල් මහරෙස් එහි ශාපයක් නොවන බවත් එය සහ සිද්ධි සමුදායක් බවත් කියා සිටියේය. එන්ගලන්තයට ගෙනයාමට පුරාවස්තු ඇසුරුම් අධික්ෂනය කළ දිනයේ රාත්‍රියේම මිය පරලොව ගියේය.
.
මිත්‍යා හා අදෘශ්‍යමාන බලවේග මෙම මරණය යන්ට හේතුවූ බව අයෙකුට පැවසිය හැකිමුත් තවත් අයෙකුට එය මිත්‍යාවක් බවට තර්ක කල හැක. නමුත් අපිත් නොදන්නා අප වටා ඇති අපගේ මානයට හසු නොවෙන්නා වූ ක්‍රියාකාරකම් සමුදායක් පවතින බවට ඉඟියක් මේ හරහා සමාජගත වන බව මාගේ මතය
Rashan wijemanna

සාලිය අශෝක මාල ප්‍රේම වෘතාන්තය ….
ලංකාවේ රෝමියෝ ජුලියට්ල නොසිට් යට අපේ සාහිත්‍යත් , ප්‍රේම වෘතාන්ත වලින් පොහොසත් ඒ අතර කැපීපෙනෙන සාලිය අශෝක මාල ප්‍රේම වෘතාන් යයි මේ ,
දුටුගැමුණු රජතුමාටත් ,උන්වහ්න්සේ ගේ අගමෙහෙසියත් ලැබුනු පුතු සාලිය නම් වෙනවා ,මේ
කුමරු ඉපදී පෙර ආතමයේ කල කුසල කර්මය නිසා කුමරු ඉපදී වසර 12 ක් යනතෙක් ,ඇල් සහල් බොහෝ ලැබුනු හෙයින් කුමරු සාලිය නම් වුනාලු . මෙවන් වාසනාවන්ත පුතෙකු ලැබීම නිස රජු හා බිසව අතෙන්ම සතුටු වෙන්න ඇති ,
කොහොම වුවත් සාලිය කුමරු වැඩිවියට පත්වු පසු දිනක් පිරිවර සමග රථ යක නැග අනුරපුර නුවර සංචාරයක යෙදී සිටියා එහිදී තමයි ,මුල්වරට අශෝක මාලව දකින බව සිහලවත්ථුවේ දක්වන්නේ .
ඇය රොඩීකුල කතක් නිසා රජු දැක බියට පත්ව බිත්තියට හෙත්තුවී තිබෙන්වා . පාරෙන් ඉඩ දීමට පසකට වෙලා සිට් තරුනිය දැක , මේවෙලාවෙ කුමරු සෙවකයන් ගෙන් අහන වලු ,කවුද අර සිතුවම ඇන්දෙ කියල .
ඇත්තෙන්ම මෙයි සිතුවමක් නොව ච්න්ඩාල කෙල්ලක් කියා දැන ගත්තට පස්සෙත් ,පෙර ඉදන් පතා ගෙන එන සංසාර බැදීම නිසා කුමරු ඇයව අන්තපුරයට ගන්නවලු.
මේ කථාව තවත් මූලාශ්රවල තියෙන්නෙ මීට ටිකක් වෙනස් විදිහට ,ඒ රන්මසු උයනෙ අශෝකමල් කඩමින් සිටි සුරූපී චන්ඩාල කුල අශෝකමාලාවට කුමරු වසග වූ බවයි ,
කොහොම උනත් අඩුකුලයක ඉපද මෙතරම් රූසපුවක් හිමි කරගන්න ඇය ,පෙර ආත්මයක කල කාරනයක් හෙතුවුවා , මවට සැඩොලිය ලෙස අපහාස කල නිසා ඇය කුලයින් අඩුවුවද පෙර කල කුසල කර්මයන් වලට විපාක ලෙස ඇය රූසපුවෙන් යුතුවුවා.අතෙන්ම ඇය සැඩොලියක වුවද ඇය මහ සැඩොලා ගේ දුව උනා .
කොහොම හරි , මේ දෙන්නගේ විවාහයට කිසිසේත් දෙමවිපියන් කැමති වෙලා නැහැ ,කුමරු අනාගත රජ කම නොතකා ම ඇය විවාහ කර ගත්තා, කොහොම උනත් සාලිය දැන සිටින්න ඇති තම පියා ගෙන් පසුව තම සුලු පියාට රජ කම යන බව .මොකද දෙ බෑයන් ගේ විරසකය සන්සිදු විමට ගිවිසුමක් ගසන්නට ඇති කියලත් හිතෙනව ,මේ අනුව මීලග අනුප්‍රාප්තිකයා තමා නොවන බව දැන කුමරු අශෝක මාලව විවාහ කර ගන්න ඇති ,
කොහොම හරි දවසක් දුටුගැමුනු රජුට අශෝකමාලව රතු තම්පලා වෑංජන යක් එවල තියනව රජු මේකෑම කන්න හරි කැමතිලු රජු කෑම කන්න හදනකොට අහල තියන්වලු මේක හැදුවෙ කවුද කියල . අශෝක මාලව සැකසුවා කියුවහම රජු කෝප වෙලා ,කෑම විසික් කලා ලූ ,
දින කිහිපයකට පස්සෙ රජු අසනීප වෙලා තියනව ,රාජකිය වෙදුන් කියුවලු මේක සුව කරන්න රතු තම්පලා ඕන කියල කොහොම හරි ,හැම තැනම හොයල ත් තම්පලා හම්බ උනේ නැහැ ලු ,වෙලාවෙ හැටියට සෙවකයෙක් කරන්නෙ තම්පලා විසික් කරනවිට ,මා ලිගයේ බිත්තියේ තැවරිලා තිබුනු ටිකක් ගෙනත් බෙහෙත් කලාලු හොයා ගතෙ කොහොමද අහුවහම අශෝකමලාවගේ වෑංඡනේ එවා කියුවලු ,රජු අන්තිමට තම ලේලි කෙරෙහේ අනුකම්පා කරලා ,තම ලේලිය හා පුතුගේ විවාහය රාජකීය ලෙස සිදු කරනවා තන්තිරිමලේ මාලිගයක් සකසා මොවුන්ට බාර කලා ලු ,ඒවාගේම ඒපැත්තෙ පාලනයත් බාර කලාලු
ඒ වෙලා වෙ දුටුගැමුනු රජු මාර කථාවක් කියුවලු ….ඇත්තටම අශෝක මාලව තම පුතුට පෙර තාමා ඇය දුටුවානම් කුලය නොබලා ඇයව අන්තපුරයට ගන්නව කියුවලු……..

විස්මිත නිමැවුමක් වූ දැදිගම ලෝකඩ ඇත් පහන

මානාභරණ නම් යුවරජතුමා දොළොස්වන ශත වර්ෂයේ දී දක්ෂිණ දේශයේ පාලකයා ලෙස දැදිගම කේන්ද්‍රස්ථානය කර ගනිමින් ප්‍රදේශය පාලනය කළේ ය. එතුමාගේ බිසව වූයේ රත්නාවලී නම් කුමරියයි. රත්නාවලී බිසව දැදිගම, යම් ස්ථානයකදී පින්වත් කුමරකු බිහි කළා ය. දරුවකු බිහිකරන තැනට අප වහරන්නේ ‘තිඹිරිගෙය’ වශයෙනි. මෙසේ මෙම තිඹිරිගෙය තුළ දී බිහිවන කුමරා, එසේ මෙසේ කෙනකු නොවන බව පසක් වන්නේ කාලයාගේ ඇවෑමෙනි.
ලංකා රාජ වංශයේ ශ්‍රේෂ්ඨ රජවරයකු වශයෙන් ත්‍රි සිංහලයම එක්සේසත් කරමින් මහත් කීර්තියක් ඉසිලූ මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153 – 1186 ) ලෙස රාජාභිෂේක ලබන්නේ මෙසේ උපදින පුත් කුමරුවා ය.

කුමරා උස් මහත් වී කලක් මායා රටේ ප්‍රාදේශීය පාලකයා බවට පත් වෙයි. එතුමා
යුව රජු වශයෙන් සිටි කාලයේ දී තමා උපන් ස්ථානය සිහිවීම පිණිස තිඹිරිගෙය
තිබූ තැන කුඩා ස්තූපයක් ගොඩනඟයි. පසුව මුළු රටම එක්සේසත් කරන මෙම
මහීන්ද්රයාණන් ඉන් අනතුරුව එම කුඩා ස්තූපය මැදිකොට මහා ස්තූපයක් ගොඩනංවනු
ලබන අතර දැදිගම කොටවෙහෙර නොහොත් සූතිඝර චෛත්‍ය වශයෙන් ප්‍රකට වන්නේ එයයි.
කොටවෙහෙර යනුවෙන් වහරන්නේ කොත් කැරැල්ලක් රහිත විශේෂ දාගැබ් ආකෘතියක් බව
ඇතැම් පුරා විද්‍යාඥයෝ හඳුන්වනු ලබති.
1947 වසරේ සිට ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ මහතා විසින් කළ කැණීම්හිදී කොටවෙහෙර සම්බන්ධව තොරතුරු රාශියක් අනාවරණය කරගනී. දැනට චෛත්‍යයේ වට ප්‍රමාණය අඩි 804 ක් ද උස අඩි 47 ක් ද වෙයි. 1951 වසරේ දී චෛත්‍ය තුළ වූ ධාතු ගර්භ 10 ක් තහවුරු කර ගන්නා ලදී. මෙම පුරාවිද්‍යාත්මක ගවේෂණයන්හිදී රජතුමා ප්‍රථමයෙන් ගොඩනැඟූ ස්තූපයත් ඒ තුළ මෙන්ම මහා ස්තූපයේ වූ ධාතු ගර්භ කීපයක් නිරාවරණය කර ගැනීමට හැකියාව ලැබේ.
එක් ධාතු ගර්භයක තිබී හමු වූ දැදිගම ලෝකඩ ඇත්පහන අද ලෝක ප්‍රසිද්ධ වී තිබෙයි. මෙම බුහුටි පහන හෙළ කලාකරුවාගේ අභිමානයේ ආලෝකය දියත පුරා විහිදුවීමට සමත් වූ විශිෂ්ට නිර්මාණයකි. විශ්මිත නූතන තාක්ෂණික ලෝකය පවා මවිත කරවන සුළු මෙම ඇත් පහන කොළඹ කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත. එය දම් වැලකින් එල්ලා තැබිය හැකිසේ නිමවූවකි. තෙල් පුරවනු ලබන්නේ ඇතාගේ කුසටය. ඇතා සිටගෙන සිටින වෘත්තාකාර තැටිය වටේට තිර යොදනු ලැබෙයි. තෙල් ගලාගෙන එන්නේ එහි දැවෙන තෙල් ප්‍රමාණය අනුවය. තැටියේ තෙල් පිරෙන විට වැඩිපුර තෙල් ගලා ඒම ස්වයංක්‍රීයව නවතියි. එය එසේ වීමට උපයෝගී කරගෙන ඇත්තේ වායු පීඩනය නම් න්‍යායයි. මේ නිසා පහනේ තෙල් උතුරා යාමක් සිදු නොවේ. පහන එල්ලා තැබීමට යොදා ගත් දම්වැල පවා නැට්ටුවන්ගේ සහ බෙරවාදකයන්ගේ රූප දම්වැල් පුරුක් සේ සාදා ඇතා පිටෙහි ඇත්ගොව්වකු හිඳවා සම්පූර්ණ ඇතා මැදි- වන සේ මකර තොරණක් ද යොදා පහනට ඉතා විචිත්‍රවත් පෙනුමක් ලබා දී තිබෙයි. මෙවන් සුළු දෙයක් පවා ඉතාමත් ආකර්ෂණීය ලෙස නිර්මාණය කිරීමට පෙළඹීමෙන් එදා ශිල්පියා සතු විද්‍යාත්මක ඥානය මෙන්ම කලාත්මක නිමැවුම් ගුණය එකසේ සංකලනය වී ඇති බව මෙවන් පුරාවස්තූන් තුළින් කදිමට සනාථ වෙයි.
(උපුටා ගැනීමකි)
Aruna Ranawaka

බර්මියුඩා ත්‍රිකෝණය
බර්මියුඩා ත්‍රිකෝණය තියෙන්නෙ බටහිර අත්ලාන්තික් මුහුදෙ ඇමරිකාවෙ
ෆ්ලොරිඩා හා බ්‍රසීල මුහුදෙ හැතපුම් 200ක් උතුරෙන් තියන ලක්ෂ්‍ය තුනක් යා
කරන වර්ල කිලෝ මීටර් දහස් ගනනත් අයත් වෙන ප්‍රදේශයයක,ෆොටො එක බැලුවනම්
හරියටම තැන බලාගන්න පුලුවන්. මේක මේකාලෙ විතරක් නෙවේ අතීතයෙත් කුතුහලය
ඇතිකරපු තැනක්.
එදා ඉදල ගොඩක් අය එක එක කතා කියනව, ඒත් හරියටම කියන්න බැරිවෙලයි තියෙන්නෙ, බර්මියුඩා ත්‍රිකෝනයේ වෙන දේවල් අරුම පුදුම වීමයි. 1945 ඉදල බර්මියුඩා ත්‍රිකෝනය තියන ප්‍රදේශයේ දී අතුරුදහන් වුනු දේවල් අතරට ගුවන් යානා 300ක්,නෟකාවන් 250 සහ මිනිස්සු දහස් ගනනක් වෙනව. හැවැයි පුදුම වැඩේ කියන්නෙ මේ අතුරුදහන් වුනු කිසිම දෙයක සුන්බුන් ටිකක්වත් හොයාගන්න බැරිවුනාලු, අඩුගනනෙ කඩාවැටුන් ගුවන් යානයකින් වැටුනු තෙල් බින්දුවක් වත් හොයාගන්න බැරි වෙලා.
මේ ගැන පරීක්ෂන පවත්වපු අයනම් කියන්නෙ මේ ප්‍රදේශයේ තියනන අසාමාන්‍ය ගුරුත්වාකර්ශණන නිසාලු මෙහෙම වෙලා තියෙන්නෙ. ඒත් ඒ මතයත් එක්ක එකඟවෙන් බැරිවෙලා තියෙන්නෙ අසාමාන්‍ය ගුරුත්වාකර්ශණනයක් තිබුනත් මෙ කඩා වැඩුනු දේවල් වැටුනු තැනක් හොයාගන්න බැරිවුනු නිසා. තවත් දෙයක් තමයි ගුරුත්වාකර්ශණනයකින් එහෙම වුනානම් හැම ගුවන් යානකටම බලපාන්න ඕනනෙ. ඒත් මෙතන එහෙම දෙයක් වෙලා නැහැනෙ, සමහර ඒවට විතරයි මෙහෙම වුනෙ.
1945.12.05 නෙිද ඇමරිකානු නාවික හමුදාවෙ බෝම්බ දාන ගුවන් යානා 5ක් මේ ප්‍රදේෂයක උඩින් ගමන් කරමින් තියෙනව. මේවා ගුවන් ගත වුනු වෙලාවෙ ඉදල සාමාන්‍ය විදියට පාලක මැදිරියත් එක්ක රේඩියො සම්බන්දතා පවත්වල තියනව, එත් එක පාරටම ඒව නැවතිල තියනව. රේඩියො උපාංගවල වරදක් කියල හිතාගෙන ඒ අය යානා කුවන් තොටුපලට එනකම් බලාගෙන ඉදල තියනව. ඒත් ඇවිලිල නැහැ. බර්මියුඩා ත්‍රිකෝනය කිට්ටුව ප්‍රදේශයේ රේඩාර් සිග්නල් වැඩකරමින් ගමයි තිබිල තියෙන්නෙ, ඒත් ගුවන් යානා ගැන කිසිම හෝඩුවාවක් ලැබිල නැහැ.
පස්සෙ මේව හොයන්න තවත් ගුවන් යානයක් යවල තියනව ඒ වෙලාවෙ හරිම පුදුම දෙයක් තමයි වෙලා තියෙන්නෙ. මේ ගුවන් යානය පිටත්වෙලා විනාඩි 10කට පස්සෙ පාලක මැදිරියත් එක්ක තිබුනු රේඩියො සම්බන්දතා ටික ටික නැවතිල තියනව. හෙයන්න ගිය යානයේ ගුවන් නියමුව එකපාරටම පාලක මැදිරියට පනිවිඩක් එවල තියනව මෙහෙමයි ඒකෙ කියවිලා තියෙන්නෙ
v “ මගේ ගුවන් යානයට උඩින් අහසෙ අමුතු හැඩයේ විශාල යමක් මට පේනව. දැන් ගුවන් යානය මට පාලනය කරන්න බැහැ. ගුවන් යානය ඒ පැත්තට…”
මේක තමයි ගුවන් නියමුව අන්තිම පණිවිඩය. පස්සෙ මේ ගැන විශා පරීෂන පවත්වල තියනව ඒත් ගුවන් යානාවල ගිය ගුවන් නියමුවන් 15 දෙනා ගැනවත් ගුවන් යානා 6 ට මොකද වුනේ කියලවත් හොයා ගන්න බැරිවෙලා තියනව. හරිම පුදුමයි නේද?
1. සජල මීතේන් සිද්ධාන්තය( Methane Gas Hydrates Theory)
බර්මියුඩා ත්‍රිකෝණය ආශ්රිත මුහුදු පත්ලේ විශාල මීතේන් නිධියක් පිහිටා ඇති බව මේ වනවිට සොයා ගෙන තිබේ. මීතේන් යනු සරල ඇල්කේනයකි. මුහුදු පත්ලේ මීතේන් නිධිගත වී ඇත්තේ වායු මළු (gas pockets) ආකාරයටය. සමහර අවස්ථා වලදී අධික පීඩනය හේතුවෙන් මෙම වායු මළු පිපිරී මීතේන් විශාල වශයෙන් මුහුදු ජලය හා මිශ්‍ර වේ. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ මුහුදු ජලයේ ඝනත්වය එක්වරම පහළ බසියි. එවිට මුහුද මතුපිට යාත්‍රා කෙරෙමින් ඇති ඕනෑම බෝට්ටුවක් හෝ නෞකාවක් තත්පර 10 කට අඩු කාලයකදී ගිලී යා හැක. ඒ ආකාරයටම මීතේන් වායුව විශාල වශයෙන් වාතය හා මුසු වීමෙන් වායුගෝල ඝනත්වය අඩු වී අහසේ පියාසර කෙරෙමින් ඇති ගුවන් යානා වායු කලාපය තුළ ගිලී යයි. (එනම් කඩා වැටේ.) ඊට අමතරව වාතයේ මීතේන් සාන්ද්‍රණය වැඩි වී, ඉන්ධන දහනයට අවශ්‍ය ඔක්සිජන් හිඟ වීමෙන් ගුවන් යානා එන්ජින් අක්‍රීය වීමද සිදු විය හැකිය.
2. ගල්ෆ් දියවැල් සිද්ධාන්තය (Gulf Stream Theory)
ගල්ෆ් දියවැල යනු ලොව දීර්ඝතම දියවැල් වලින් එකකි. සැතපුම් 60 ක් පළලැති, තත්පරයට අඩි 8 ක පමණ වේගයෙන් ගලා යන මෙහි ගමන් මාර්ගය බර්මියුඩා ත්‍රිකෝණයේ කොටසක් හරහා වැටී තිබේ. මෙම මතය දරන්නන්ගේ තර්කය වනුයේ යම් යම් හේතූන් නිසා මුහුදට කඩා වැටෙන ගුවන් යානා වල හා ගිලී යන නැව් වල සුන්බුන් කිසිවක් සොයා ගත නොහැකි වන්නේ ඒවා ගල්ෆ් දිය වැලට හසුව මුහුදේ ඈත ප්‍රදේශයන් වෙත ගසාගෙන යන නිසා බවයි.
3. රෝග් දිය රැළි සිද්ධාන්තය (Rogue Waves Theory)
1995 වසර වනතෙක්ම හුදෙක් සංකල්පයක් ලෙස පැවතුණු රෝග් දිය රැළි ගැඹුරු මුහුදේ හටගන්නා ඉතා විරල ගණයේ දිය රැළි විශේෂයකි. සාමාන්‍ය මුහුදු රැළි හා රෝග් රැළි අතර අනුපාතය 200,000:1 ක් පමණ වේ. මේවා ස්වභාවයෙන්ම අති දැවැන්ත වන අතර එක් දිය රළක් අඩි 40 ක සිට අඩි 200 ක් පමණ දක්වා උස් විය හැක! විශාල සුළි කුණාටු හා අකුණු ගැසීම් නිසා මෙවැනි දිය රැළි ඇති වන බව විද්‍යාඥයෝ විශ්වාස කරති. වඩාත් භයානක තත්ත්වය වන්නේ මෙබඳු දිය රළක් ඇති වන බව කලින් හඳුනා ගැනීමට හෝ අනතුරු හැඟවීමට ක්‍රමයක් නොමැති වීමයි. ක්ෂණයකින් හට ගන්නා රෝග් රැළි ඊළඟ නිමේෂයේදී අතුරුදහන් වේ. මේ දිය රළකට හසු වන ඕනෑම ප්‍රමාණයක නැවක් සුළු මොහොතකදී කිසිදු සළකුණක් ඉතිරි නොකොට මුහුදුබත් විය හැකිය. උදාහරණයක් ලෙස ගතහොත් මෙතෙක් මිනිසා නිපදවා ඇති විශාලතම නැව වන Knock Nevis නෞකාව (මෙහි දිග අඩි 1503 කි. Titanic නෞකාවේ දිග අඩි 882.5 ක් විය.) සම්පූර්ණයෙන්ම මුහුදේ ගිල්වා දැමීමට අඩි 157 ක් උසැති රෝග් දිය රළකට පුළුවන. මේ ආකාරයටම අහසේ පහළ මට්ටමක ගමන් ගන්නා ගුවන් යානයක් වුවද රෝග් දිය රළක ග්‍රහණයට හසු විය හැකිය. එහෙත් බර්මියුඩා ත්‍රිකෝණය ආශ්රිත ප්‍රදේශ වල රෝග් රැළි හට ගැනීමක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.
4. හරිකේන් සුළි කුණාටු සිද්ධාන්තය Hurricane Storm Theory
බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව සුලභ වශයෙන් හරිකේන් කුණාටු හට ගනී. වර්තමාන තාක්ෂණය අනුව මෙවැනි කුණාටුවක් ඇති වීමට සතියකට පමණ පෙර ඒ පිළිබඳව අනතුරු ඇඟවිය හැකි වුවද 50, 60, 70 ආදී දශක වල එවන් පහසුකම් නොතිබිණ. දරුණු හරිකේනයක් අතරමැද ඇති වන Micro Burst තත්ත්වයකදී (මෙහිදී සිදු වන්නේ කුණාටුවේ මධ්‍ය කොටස ඉහළ ඇති වාතය පහළට උරාගෙන එම වාතය එක්වරම දෙපසට විහිදුවා හැරීමයි. මෙලෙස විහිදී යන සුළං ධාරා වලට දැවැන්ත වෘක්ෂයක් මුලින් උදුරා දැමිය හැකිය.) ඊට මැදි වන නෞකා හෝ ගුවන් යානා වලට අත් වන්නේ ඛේදජනක ඉරණමකි.
5. චුම්බක ක්ෂේත්‍ර බලපෑම් සිද්ධාන්තය Electromagnetic Aberration Theory
පෘථිවිය සතුව ඇති චුම්බක ක්ෂේත්රය විටෙක අසාමාන්‍ය හැසිරීම් දක්වයි. සාමාන්‍යයෙන් මාලිමාවක දර්ශකය සෑම විටම චුම්බක උතුරට දිශාගත වී පැවතුණද, පෘථිවියේ සමහර ස්ථාන වලදී දර්ශකය වෙනත් දිශා වලට හැරේ. සමහර විට කිසිදු දිශාවකට නොහැරේ. භෞතිකමය සංසිද්ධීන් නිසාද මාලිමා දර්ශක මෙවැනි හැසිරීම් රටා දක්වන බව මේ වනවිට සොයා ගෙන තිබේ. උදාහරණයක් ලෙස ගෝබි කාන්තාරය දැක්විය හැකිය. ගෝබි කාන්තාරයේ කඳු වල ඇති පාෂාණ අධික ලෙස චුම්බක ගුණ දරන බැවින් එවැනි කඳු අසලදී මාලිමා දර්ශකය හැරෙනුයේ චුම්බක උතුර දෙසට නොව කන්ද දෙසටය. බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතවද පෘථිවි චුම්බක ක්ෂේත්රයේ යම් අසාමාන්‍යතාවක් තිබිය හැකි බවත්, එනිසා අහස් යානා හා නැව් වල දිශාව සොයන උපකරණ දෝෂ සහගත වී ඔවුන් මංමුළා වන බවත් සමහර විද්‍යාඥයෝ පවසති.
6. ඇට්ලාන්ටිස් පැහැර ගැනීම් සිද්ධාන්තය Atlantis Abduction Theory
මෙය තරමක් පිළි ගැනීමට අපහසු මතයකි. ඈත අතීතයේදී ඉතා දියුණු ශිෂ්ටාචාරයක්ව පැවතුණු ඇට්ලාන්ටිස් නගරය යම් හේතුවක් නිසා ක්‍රිස්තු පූර්ව 9600 දී සම්පූර්ණයෙන්ම මුහුදුබත් විය. මේ වනවිට මෙම නගරයේ සුන්බුන් මුහුදු පත්ළේ තිබී හමු වී තිබේ. මෙම මතය දරන්නන්ගේ අදහස වනුයේ ඇට්ලාන්ටිසය විනාශ වුවද, එහි ජීවත් වූවන් තමන් සතු වූ අතිශය දියුණු තාක්ෂණික දැනුම ආධාරයෙන් දිවි ගලවා ගත් බවයි. ඔවුන්ගේ අදහස අනුව එම ශිෂ්ටාචාරය මේ වනවිටත් මුහුදු පත්ළේ හෝ ඊටත් පහළ පෘථිවි ස්ථරයක පවතී. ක්‍රිස්තු පූර්ව යුගයේදී ඒ සා දැනුමකට උරුමකම් කියූ ඇට්ලාන්ටිසයන් වර්තමානය වනවිට විද්‍යා හා තාක්ෂණ දැනුමෙන් සාමාන්‍ය මිනිසා අභිබවා බොහෝ දුර ගොස් ඇති බවත්, මෙම ගුවන් යානා හා නෞකා අතුරුදහන් වීම් පසුපස සිටින්නේ ඇට්ලාන්ටිස් වැසියන් බවත් මොවුහු විශ්වාස කරති.
7. කාල-අවකාශ තරණ සිද්ධාන්තය Space-time Continuum Theory
නවීන තාරකා හා අභ්‍යවකාශ විද්‍යාවේ පවතින වැදගත්ම සංකල්පයක් ලෙස "පණු කුහර" (Worm Holes) හැඳින්විය හැකිය. ප්‍රායෝගිකව තවමත් මෙවැන්නක් සොයා ගෙන නොතිබුණද, මේවා පැවතිය හැකි බව බොහෝ විද්‍යාඥයෝ තර්ක කරති. සරලව පැහැදිලි කළහොත්, කාලය හරහා හෝ අවකාශය හරහා ගමන් කළ හැකි නළයක හැඩැති මාර්ගයක් පණු කුහරයක් ලෙස අර්ථ දැක්වේ. මෙවැනි නළයක දෙපස විවරයන් දෙක A හා B යැයි සිතමු. ඔබ A විවරයෙන් නළයට ඇතුළු වුවහොත් B විවරයෙන් පිට වන්නේ A විවරයට ආලෝක වර්ෂ සියයක් හෝ දහසක් ඈතින් පිහිටි විශ්වයේ වෙනත් ස්ථානයකට හෝ සමාන්තර විශ්වයකට විය හැකිය. නැතිනම් A විවරය තිබෙන ස්ථානයේම B විවරයද පිහිටා තිබිය හැකි අතර එවිට ඔබ B විවරයෙන් පිට වන්නේ A විවරයෙන් ඇතුළු වූ ස්ථානයේම අතීතයට හෝ අනාගතයට ය! එනම් පණු කුහරය හරහා ගමන් කිරීමේදී ඔබ විසින් අවකාශය හෝ කාලය තරණය කොට ඇත. මෙම මතය උද්දීපනය කිරීමට සමත්, ප්‍රබල හා ඇසූවන් කිළිපොළා යැවූ සිදුවීමක් 1964 වසරේ ජූනි 7 දින බර්මියුඩා ත්‍රිකෝණ කලාපයේදී සිදු විය.
8. පිටසක්වළ බාධා කිරීම් සිද්ධාන්තය Extraterrestrial Interruption Theory
මෙම මතය දරන්නන්ගේ අදහස වනුයේ අතුරුදන් වන ගුවන් යානා හා නැව් සියල්ලම පාහේ බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව ගැවසෙන යම් පිටසක්වළ ජීව විශේෂයක් විසින් පැහැර ගනු හෝ විනාශ කර දමනු ලබන බව යි. එය තහවුරු කිරීමට ඔවුහු කරුණු කිහිපයක් ගෙන හැර දක්වති.
බර්මියුඩා ත්‍රිකෝණයේ දී සිදු වන අතුරුදහන් වීම් අසාමාන්‍ය හා අත්භූත ස්වරූපයක් ඉසිලීම.
අතුරුදහන් වූ කිසිදු ගුවන් යානයක/ නැවක සුන්බුන් හමු නොවීම.
බර්මියුඩා ත්‍රිකෝණය ආශ්රිත ප්‍රදේශයේ හඳුනා නොගත් පියාසර වස්තු දර්ශනය වීම් බහුලව වාර්තා වීම.
රාත්‍රී කාලයේදී මෙම මුහුදු ප්‍රදේශය ඉහළ අහසේ විවිධ අසාමාන්‍ය ආලෝක පුංජයන් දක්නට ලැබෙන බව ද, දහවල් කාලයේදී මුහුදේ සිට ඉහළට එසවී අධි වේගයෙන් ඉහළ අහසට යන වස්තූන් දක්නට ලැබෙන බවද කියැවේ.
- උපුටා ගැනීමකි.-
Mithila fernando

#අබිරහස්_හැස්ඩලන්_ආලෝකය.
#අබිරහස්_හැස්ඩලන්_ආලෝකය..
වටහා ගැනීමට අපහසු බොහෝ දේ මේ මිහිතලය මත සිදු වේ. නමුත් ඒවා ඇස ගැටෙන්නේ කලාතුරකිනි. හැස්ඩලන් ආලෝකය ද එවැනිම සංසිද්ධියකි.
දිනක් නෝර්වේ හැස්ඩලන් නිම්නයේ සිසුන් ගුරුවරුන් මෙන්ම විද්‍යාඥයන් ද සහභාගි වූ විද්‍යා වැඩ මුළුවක් පැවැත්විණි. ක්ෂණයකින් ඔවුන් වික්ෂිප්ත වූයේ නිම්නයේ ඇතිවූ අබිරහස් ආලෝක කදම්බය නිසාවෙනි.

Thursday, November 26, 2015
මලවුන්_යලි_කැදවන_මානෙන්_උළෙල.
මලවුන්_යලි_කැදවන_මානෙන්_උළෙල...
මේ මිහිපිට ඇත්තේ පුදුමාකාර සංස්කෘතික විවිධත්වය කි. ඉන්දුනීසියාවේ දකුණු සුලවෙසි දූපතේ ටොරාජන් ජාතිකයන් මේ අපූර්ව උත්සවය වසර තුනකට වරක් පවත්වයි.
එහිදී සිදු වන්නේ මියගිය තම ඥාතීන් වල දැමූ සොහොනෙන් එලියට ගැනීමයි.
එහිදී විවිධ චාරිත්‍ර සිදුවේ. මේ මල සිරුරු සෝදා, සුවද ගල්වා ඒවාට වටිනා අලුත් ඇදුම් අන්දවයි.

අනතුරුව පෙරහැරකින් මල සිරුරු ගම වටේ ඇවිද්දවයි.. මෙය දින කිහිපයක්
සිදු වන චාරිත්‍ර වලින් යුක්ත වේ. ඒ කාලය තුල මල සිරුරු විශේෂ ගල් ගුහාවක
තැම්පත් කරයි.
පසුව අලුත් පෙට්ටියක චාරිත්‍රානුකූලව යලිත් භූමදානය සිදු කරයි. මෙය මලවුන්ගේ ආශිර්වාදය හා සමෘද්ධිමත් බව උදෙසා කරන්නක් බව කියවේ. නමුත් මෙය සෞඛ්‍ය ගැටලු ඇති කරන්නක් බව එරට බලධාරීන් පවසයි..
අන්තර්ජාලය ඇසුරිනි

ලොව_සුවිසල්_විස්මිත_ගල්_ගුහාව.
#ලොව_සුවිසල්_විස්මිත_ගල්_ගුහාව...
දෙව්ලොව ඇත්තේද මේ මිහිතලය මත යැයි පැවසුවොත්.. එසේ සිතීම සාධාරණීකරණය කල හැකි මිහිබට ඇති අපූර්ව නිර්මාණය කි, වියට්නාමයේ Son Doong ගල් ගුහාව.. එහි ඡායාරූප බැලූවිට එහි චමත්කාරයෙන් ඔබ මුසපත් නොවුණොත් පුදුමයකි.
වියට්නාමයේ ලාඕස් දේශසීමාවේ පිහිටි මෙය ලෝකයේ විශාලතම ගල් ගුහාව යි. 1991 වසරේ Ho khanh නැමති ගැමියාට මෙය අහම්බෙන් නෙත ගැටුණි. මෙහි දිග 6000 m පමණ ද උස 70 m ද පමණ ද වේ.

වියට්නාම බසින් මෙය හඳුන්වන්නේ කඳුකර ගංඟාවේ ගුහාව ලෙසිනි.
අපූර්වත්වය එයයි. මේ හරහා ගංඟාවක් ගලා බසී. සූර්යාලෝකය වැටෙන ප්‍රදේශයේ
සරුසාර වැසි වනාන්තරය කි.
අභ්‍යන්තරයේ දිය ඇලි, පොකුණු ආදී විස්මිත දෑ බොහෝය. 2009 දි බ්‍රිතාන්‍ය ගවේෂණ කණ්ඩායමක් මෙය සම්පූර්ණයෙන් ගවේෂණය කර ඇත. ඇමරිකන් ඩොලර් 3000 ක් ගෙවා ඔබට එහි කඳවුරු බැදිය හැක.. සැබවින්ම එසේ උවහොත් තවත් ලොවක පා තැබුවා යැයි ඔබට සිතෙනු ඇත

#වි_ස්_මි_ත_ලෝ_ක_ය.... #රෝස_පැහැති_විස්මිත_විලක්.
#වි_ස්_මි_ත_ලෝ_ක_ය....
#රෝස_පැහැති_විස්මිත_විලක්..
පෘථිවි තලය මතවූ විවිධත්වය ඇතැම් විට අපට සිතාගත නොහැකි තරම් වේ. රෝස පැහැ විලක්.. නමුත් එය සත්‍යයකි. අප්‍රිකාවේ වයඹ දිගින්් පිහිටි සෙනගාල් රාජ්‍යයේ cap vert peninsula ප්‍රදේශයේ දී මෙවන් අපූර්ව පිහිටීමක් හමු වේ.

එම විලේ ජලය තනිකරම රෝස
පැහැයෙන් යුක්ත වේ. වර්ග කිලෝමීටර් 3 ක් පුරා පැතිරුණු එහි උපරිම ගැඹුර
මීටර් 3 ක් පමණ වේ. එහි රෝස වර්ණයට හේතු වන්නේ Dunaliella Salina නැමති
ඇල්ගී විශේෂය කි.
මෙහි ලවණතාව ඉතා අධික වන අතර ඇතැම් ස්ථාන වල 40% ටත් අධික වේ. මෙය මල මුහුදට ආසන්න තත්ත්වය කි. එනිසා නොගිලී පාවීමේ හැකියාවක් ද ඇත. මෙය ආශ්රිත ලුණු නිෂ්පාදනය පවා සිදුවේ.
UNESCO ලෝක උරුමයක් වන මෙය ආශ්රිත ලවණ කාමී මත්ස්‍ය විශේෂ ද පවතී. මෙවැනිම පිහිටීමක් ඕස්ට්‍රේලියාවේ ද දක්නට ඇත.

#2013_භූ_කම්පනයකින්_බිහිවූ_දූපතක්..
#2013_භූ_කම්පනයකින්_බිහිවූ_දූපතක්...
දිනය 2013 සැප්තැම්බර් 24 , පකිස්තානයේ ඉතිහාසයේ තවත් එක අඳුරු දිනයක් බවට පත්වුණේ මිනිස් ජිවිත 350 කට අධික ප්‍රමාණයක් විනාශ වෙමින්. වයඹදිග පකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයට බලපෑ දරුණු භූමි කම්පාව එයට හේතු වුණා.
මැග්නිටියුඩ් ඒකක 7.7 ක දරුණු භූමි කම්පාවක් වුවත් සොබා දහමට තවත් එක් අපූර්ව නිර්මාණයක් බිහිකිරීමට අවස්ථාවක් වුණා. ඔබ ඒ මොහොතේ පකිස්තානයේ Gwadar නගරයේ වෙරළ තීරයේ සිටියේ නම් ක්ෂණිකව මුහුද මැද දූපතක් නිර්මාණය වන අයුරු දකින්න තිබුණා..

වෙරළේ සිට කිලෝමීටර් එකක් පමණ ඈතින් මුහුදේ මතුවුණු මේ දිවයින මඩ හා
පාෂාණ වලින් යුක්ත මුඩු බිමක්. මීටර් 15 ක් 20 ක් ගැඹුරු මුහුදු පත්ල එසවී
සෑදුණු මේ භූමිය දිගින්් මීටර් 175 ක් හා පළලින් මීටර් 160 ක් පමණ වෙනවා.
භූ තැටි එකිනෙක තෙරපීම තුල සිදුවූ සංසිද්ධියකින් මෙය නිර්මාණය වන්නට ඇතැයි විස්වාස කරනවා.

#වි_දු_ලො_ව_පි_ය_ව_රු..
#වි_දු_ලො_ව_පි_ය_ව_රු...
#භූ_කේන්ද්‍රවාදයේ_පියා_ටොලමි..
ටොලමි අපට වඩාත් සමීප වන්නේ අප රටද ඇතුළුව සකස් කල ලෝක සිතියම නිසාවෙනි. ක්‍රි.පූ දෙවනි සියවසේ විසු ක්ලෝඩියස් ටොලමි ශ්‍රෙෂ්ඨ දාර්ශනික යෙකි.

ඔහු එම කාලයේ තිබූ මතවාද
කැටිකොට ඇල්මැජස්ට් නම් කෘතියක් රචනා කරන ලදී. එය එම යුගයේ තාරකා විද්‍යාවේ
බයිබලය ලෙස හැඳින්විණි. එහෙත් ඔහු ඇරිස්ටක්රස් ගේ මතවාද සොරාගෙන ඇති බව
ඇතැම් විද්‍යාඥයන්ගේ මතය යි
ඔහු,
පෘථිවිය විශ්වයේ මධ්‍ය ලෙස හැඳිනවිය.
සියලු ග්‍රහලෝක එය කේන්ද්‍ර කොට වෘත්තාකාර පථයන්හි භ්‍රමණය වන බව පැවසීය.
තරු රටා 48 කද තාරකා 1022 කද නාමාවලියක් ඉදිරිපත් කලේය.
ග්‍රීක රාජ්‍යය බිද වැටෙද්දී ඇලෙක්සැන්ඩ්‍රියා විද්‍යාලය ගිනි බත් විය. මිල කල නොහැකි සොයා ගැනීම් රැසක් දුම්රොටු අතර සැඟවිණ. වාසනාවකට ටොලමි ගේ ග්රන්ථ යමෙකු ඉන් බේරා ගත් අතර එය අතින් අත ගොස් සමාජගත විය

Monday, November 9, 2015
ලොවෙන් රටක් - ලිච්ටෙන්ස්ටේන් රාජ්‍යය
ලොවෙන් රටක් විශේෂාංගය තුලින් අද කියන්න යන්නෙ ලිච්ටෙන්ස්ටේන් රාජ්‍යය ගැන
Subscribe to:
Posts (Atom)