Monday, November 9, 2015

ලොව නොවිසඳුණු අභිරහස් - 1



පුරාණ ඊජිප්තු රූපාක්ෂර වලට ලෝකෙ කොහේ තිබුණත් අඳුනාගන්න පුළුවන් අනන්ය හැඩයක් තියෙනවා. ලෝකෙ පුරාම එක එක පැරණි ශිෂ්ඨාචාර වල මේ වගේ පැරණි රූපාක්ෂර ක්රම භාවිතා වෙලා තියෙනවා. ඒ වුනත් ඊජිප්තු දෙවියෙක් ඕස්ට්රේලියාවෙන් හමුවුනොත්...!
මේ පහත රූපයෙන් දැක්වෙන්නේ ඕස්ට්රේලියාවෙන් හමුවූ රූපාක්ෂර සමූහයක්. සිඩ්නි නුවරට කිලෝමීටර 10 ක් විතර උතුරු දෙසින් ‘දඩයම් නිම්නයේ’ පිහිටි ජාතික වනෝද්යානයෙන් තමයි මේවා ‍හොයාගෙන තියෙන්නේ. මෙතන තියෙන 250 ක් විතර වෙන රූපාක්ෂර අතුරින් නොවැරදීම හඳුනාගත හැකි ඊජිප්තු රූපාක්ෂර කීපයකුත් හමුවෙලා තියෙනවා.
ඒවායින් පැහැදිලිවම අඳුනගෙන තියෙන එක් රූපයක් තමයි අනුබිස් නම් දේව රූපය. මේ අනුබිස් කියන්නේ පුරාණ ඊජිප්තු දෙවිවරුන් අතර මරණයේ විනිශ්චකාරයා. මේකෙන් හිතාගන්න ඕනේ මොකක්ද ? ඊජිප්තු වැසියන් ඈත අතීතයේදී ඕස්ට්රේලියාවට ගියා කියලද ?

No comments:

Post a Comment