දිනය 2013 සැප්තැම්බර් 24 , පකිස්තානයේ ඉතිහාසයේ තවත් එක අඳුරු දිනයක් බවට පත්වුණේ මිනිස් ජිවිත 350 කට අධික ප්රමාණයක් විනාශ වෙමින්. වයඹදිග පකිස්තානයේ බලුකිස්තාන ප්රාන්තයට බලපෑ දරුණු භූමි කම්පාව එයට හේතු වුණා.
මැග්නිටියුඩ් ඒකක 7.7 ක දරුණු භූමි කම්පාවක් වුවත් සොබා දහමට තවත් එක් අපූර්ව නිර්මාණයක් බිහිකිරීමට අවස්ථාවක් වුණා. ඔබ ඒ මොහොතේ පකිස්තානයේ Gwadar නගරයේ වෙරළ තීරයේ සිටියේ නම් ක්ෂණිකව මුහුද මැද දූපතක් නිර්මාණය වන අයුරු දකින්න තිබුණා..
වෙරළේ සිට කිලෝමීටර් එකක් පමණ ඈතින් මුහුදේ මතුවුණු මේ දිවයින මඩ හා
පාෂාණ වලින් යුක්ත මුඩු බිමක්. මීටර් 15 ක් 20 ක් ගැඹුරු මුහුදු පත්ල එසවී
සෑදුණු මේ භූමිය දිගින්් මීටර් 175 ක් හා පළලින් මීටර් 160 ක් පමණ වෙනවා.
භූ තැටි එකිනෙක තෙරපීම තුල සිදුවූ සංසිද්ධියකින් මෙය නිර්මාණය වන්නට ඇතැයි විස්වාස කරනවා.
භූ තැටි එකිනෙක තෙරපීම තුල සිදුවූ සංසිද්ධියකින් මෙය නිර්මාණය වන්නට ඇතැයි විස්වාස කරනවා.
No comments:
Post a Comment