Monday, November 9, 2015

ලොවෙන් රටක් - ලිච්ටෙන්ස්ටේන්‬ රාජ්‍යය

ලොවෙන් රටක් විශේෂාංගය තුලින් අද කියන්න යන්නෙ ලිච්ටෙන්ස්ටේන් රාජ්‍යය ගැන


ලොකෙ හයවෙනි කුඩාම රාජ්‍යය වන මේ රට ස්විට්සර්ලන්තයටත් ඔස්ට්‍රියාවටත් මැදි වෙලා සම්පූර්ණයෙන් ඇල්ප්ස් කදුකරයේ පිහිටන්නෙ.

Vaduz මේ රාජ්‍යයේ අගනුවර වුනත් විශාලතම නගරය Schaan. 
ජර්මානු සමූහාණ්ඩුවේන් වෙන් වුණු මේ රාජ්‍යයේ අද ප්‍රධාන භාෂාව 
ජර්මන්. රෝමානු කතෝලික රාජ්‍යයක් වන මේ රාජ්‍යය වර්තමානයේ 
පාලනය කරන්නෙ දෙවනි හෑන්ස් ඇඩ්මන් රජතුමා.

ස්විස් ෆ්‍රෑන්ක් මුදල් ඒකකය වුණ මේ රාජ්‍යයේ වර්ග කිලෝමීටර් 160 ක 
වැසියන් 37 340 කට ආසන්න පිරිසක් ජීවත් වෙනවා. දෙවනි ලෝක 
යුද්දෙදි ලිච්ටෙන්ස්ටේන් වලට කිසිම හානියක් වුණේ නැහැ.
මොකද ඔවුන් හමුදාව අහෝසි කරල අපක්ෂපාතී රාජ්‍යයක් ලෙස පෙනී 
ඉදල තියෙනවා. කවදාවත් ඔබට මේ රාජ්‍යයට ගුවණින් යන්න බෑ. 

ඒ මේ රටට ගුවණ් තොටුපළක් නැති නිසා.

- ගිහාන් මධුසංක

No comments:

Post a Comment