# තැඹිලි බීමේ රහස
ඒ 1956 මැතිවරණ සමයයි.එක්සත් ජාතික පක්ෂය1952
මහ මැතිවරණයේදී තමන්ට අහිමි වූ ආසන රැක ගැනීමට බලවත් වෙහෙසක් දැරුවේය.ඒ
අනුව බද්දේගම ආසනයේ බද්දේගම හා ඇල්පිටිය නගර සභා දෙකේම රැස්වීම් සදහා සර්
ජෝන් කොතලාවල මහතා කැදවා තිබුණි.මේ නිසා ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන්ද
බද්දේගම ආසනයේ ප්‍රධාන රැස්වීම් වලට අමතරව කුඩා රැස්වීම් හා පිළිගැනීම්
කිහිපයක්ම සංවිධානය කර තිබුණි.එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ සහ බද්දේගම
මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂක හෙන්රි අබේවික්‍රම මහතාගේ ආසන සංචාරයේදී මග දෙපස
හා රැස්ව සිටි පිරිස් ඔව්නට තැඹිලි පිළිගැන්වූහ.යන යන තැනින් තැඹිලි
පිළිගැන්වීම නිසා ඒවා පානය කල අබේවික්‍රම මහතාගේ බඩ පිරී ගියේ තවත් යමක්
බීමට ඉඩක් නොමැති ලෙසටය.එහෙත් ඊළග පිළිගැනීමේ ස්ථානයේදී අපෙනුත් බොන්න
අපෙනුත් බොන්න යැයි මිනිසුන් පෙරැත්ත කරනවිට අබේවික්‍රම මහතාට කේන්ති
ගියේය.කොහොමද තව බොන්නෙ?මම තැඹිලි බීල බීල බඩ පිරිල ඉන්නෙ,අබේවික්‍රම මහතා
තමන්ට බලෙන් තැඹිලි පෙවීමට උත්සහ කළ පිරිස් වලට සැරෙන් කියමින් ඒ ඉල්ලීම
ප්‍රතික්ෂේප කළේය.එහෙත් බණ්ඩාරනායක මහතා තමාට පිළිගැන්වූ හැම තැනදීම ඒවා
තමාට පිරිනැමූ අයට ස්තූති කරමින් තැඹිලි බී කොටසක් ඉතිරි කර ඒ අයටම දී
මිනිසුන්ගේ හිත්ද දිනාගත්තේය.තමාට වඩා කෙසග සිරුරක් ඇති තම නායකයාගේ මේ
තැඹිලි බීමේ ඔරොත්තු දෙන ස්වභාවය පිළිබදව අබේවික්‍රම මහතා පුදුමයට
පත්විය.ඊළග පිළිගැනීමේ ස්ථානයට මෝටර් රියෙන් යනවිට බණ්ඩාරනායක මහතා
අබේවික්‍රම මහතාට මෙසේ අවවාද කළේය.අයිසෙ හෙන්‍රි ඒ මිනිස්සු ආසාවෙන් අපට
තැඹිලි පිළිගන්වන්නෙ අපට තියන හිතවත්කමට,ඉතින් ඇයි උඹ ඒව එපා
කියන්නෙ?.කළින් තැඹිලි බීලා බීලා මගේ බඩේ ඇගිල්ලක්වත් ගහන්න ඉඩ නෑ ඉතින් මම
කොහොමද සර් තව තැඹිලි බොන්නෙ?.කව්ද මෝඩයො උඹට දෙන දෙන ඒව බොන්න කීව්වෙ?.ඒ
උනත් දෙන ඒව අරගෙන ටිකක් කටේ තියාගෙන ඉදල ආපහු දීපන් ඒ මිනිසුන්ගෙ හිත
සැනසෙන්න,සිය තැඹිලි බීමේ රහස හෙලි කරමින් බණ්ඩාරනායක මහතා පැවසීය
No comments:
Post a Comment