වසර දහස් ගණනක් මුලුල්ලේ විවිධ රටවල් අප මාතෘ භූමිය ආක්‍රමණය කල ද අප තවත්රටක් ආක්‍රමණය කල අවස්ථා විරලය. මහා පරාක්‍රමබාහු රජුගේ 11 වන හා 12 වන රාජ්‍යය වර්ෂ අතර සිදු වූ බුරුම ආක්‍රමණය විජයග්‍රාහී සංග්‍රාමය කි.
එකල බුරුමය පාලනය කල අලවුංසිතු රජුන් ලංකාවෙන් පැමිණෙන නෞකා වලට හස්තියෙක් බැගින් දීමේ සම්ප්රදාය කඩ කලේය. එරටට යැවූ තානාපති පිරිසකගේ අත් පා කපා අබලන් නැවක නංවා නැවත මෙරටට පිටුවහල් කලේය.
අවසානයේ මෙරටින් කාම්බෝජයට යැවූ කුමරියක් බුරුම රජු පැහැර ගත්තේ ය. මෙය නොඉවසූ පරාක්‍රමබාහු මහ රජු සංග්‍රාමයකට සූදානම් විය. වංශකතා අනුව එකල රට වටා නාවුක මධ්‍යස්ථාන ඉදිවූ බව කියවේ.
දමිළාධිකාරී ආදිච්ච හා නගර ගිරි කිත්ති සෙනවියන් යටතේ පැරණි පල්ලවංක වරායෙන් සේනාව රැගත් නෞකා පිට විය. නෞකා බොහෝ ප්‍රමාණයක් මුහුදට බිලි වුවද අවසානයේ බුරුමය ජයගන්නට පැරකුම්බාවන්ට හැකි විය.
එහෙත් ලංකාවේ හා බුරුමයේ සංඝරත්නයේ බලය රජවරුන්ටත් වඩා ප්‍රබල ය. ථෙරවාදී දෙරට මහා සංඝරත්නයේ මැදිහත් වීමෙන් යලි බුරුමයට නිදහස ලැබුණි. සිරිලක පෙරදිග ධාන්‍යාගාරය කල මහ පැරකුම්බාවන් අද්විතීය පාලකයෙකි.
- ගිහාන් මධුසංක
No comments:
Post a Comment