Monday, November 9, 2015

මිහිමත අබිරහසක්: ඔරගන් සළාව



මේ ස්ථානයට ගිය සැනෙන් ඔබට යම් අමුත්තක් දැනේවි. කුරුල්ලෙක්වත් මේ ප්‍රදේශයට ඉහලින් පියාඹන්නේ නෑ. එතැන කවාකාර ප්‍රදේශයක් පුරා ගුරුත්වාකර්ෂනයේ විකෘති වීමක් ඇති බව පෙනී යාවි. ගස් චුම්බක උතුරු දෙසට ඇලවී තිබෙනවා. ඒ අවට ඇති ගස් කෙලින්ම උතුරු දෙසට විහිදිලා.
මෙතැන ලෝක ප්‍රසිද්ද වී තිබෙන්නේ ඔරගන් සලාව යන නමින්.මේ සලාව ආසන්න වශයෙන් අඩි 165ක විශ්කම්බයකින් යුත් තැනක්.මෙහි හැඩය දින 90කට වරක් මද වශයෙන් වෙනස් වෙනවා.මේ කවය ඇතුලේ මේ වන විට ඇති ලී මඩුව කලින් තිබුනේ කන්ද උඩය. නමුත් දැන් ඇත්තේ අඩි 40ක් කවය ඇතුලට වෙන්නයි.මේ මඩුවේ එල්ලා තිබෙන රත්තල් 28ක් යගුලිය කෙලින්ම පහලට එල්ලා වැටෙන්නේ නෑ. එහි මද ඇලවීමක් තිබෙනවා. මේ කවය ඇතුලට මැදට පහසුවෙන් ගියත් එඉන් පිටතට යෑමට ලේසි වන්නේ නෑ.
මේ සලාවේ යම් යම් ස්තාන වලදී පුද්ගලයන්ගෙ උසෙහි වෙනස්වීම් සිදුවෙනවා. මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් පවසන්නේ මෙහි දෘශ්‍ය මායාවකට වඩා දෙයක් ඇති බවයි. ඊට හේතුව දිනපතා කීප වතාවක්ම අගල් 19ක් තරම් දක්වා ප්‍රමාණයක් හැකිලීමක් හෝ ප්‍රසාරනයක් මේ සලාවේ සිදු වීමයි.අයින්ස්ටයින් සිතන්නේ මේ බිම තුල ඇවිද යන විට අයෙකුගේ සිරුරේ අණුක වියුහයේ විස්තාරනය වීමක් හෝ හැකිලීමක් සිදුවන බවයි. කිසිදු පුද්ගලයෙකුට මෙහි සෘජුව සිට ගැනීමට නොහැකියි. මන්ද ඔවුන්ට සෑම විටම උතුරට අන්ශක 7ක් නැබුරුව සිට ගැනීමට සිදුවේ. මෙය අදටත් නිවිසදුනු අබිරහසක් ලෙසයි සැලකෙන්නේ.......

No comments:

Post a Comment