බර්මියුඩා ත්‍රිකෝණය තියෙන්නෙ බටහිර අත්ලාන්තික් මුහුදෙ ඇමරිකාවෙ
ෆ්ලොරිඩා හා බ්‍රසීල මුහුදෙ හැතපුම් 200ක් උතුරෙන් තියන ලක්ෂ්‍ය තුනක් යා
කරන වර්ල කිලෝ මීටර් දහස් ගනනත් අයත් වෙන ප්‍රදේශයයක,ෆොටො එක බැලුවනම්
හරියටම තැන බලාගන්න පුලුවන්. මේක මේකාලෙ විතරක් නෙවේ අතීතයෙත් කුතුහලය
ඇතිකරපු තැනක්.
එදා ඉදල ගොඩක් අය එක එක කතා කියනව, ඒත් හරියටම
කියන්න බැරිවෙලයි තියෙන්නෙ, බර්මියුඩා ත්‍රිකෝනයේ වෙන දේවල් අරුම පුදුම
වීමයි. 1945 ඉදල බර්මියුඩා ත්‍රිකෝනය තියන ප්‍රදේශයේ දී අතුරුදහන් වුනු
දේවල් අතරට ගුවන් යානා 300ක්,නෟකාවන් 250 සහ මිනිස්සු දහස් ගනනක් වෙනව.
හැවැයි පුදුම වැඩේ කියන්නෙ මේ අතුරුදහන් වුනු කිසිම දෙයක සුන්බුන් ටිකක්වත්
හොයාගන්න බැරිවුනාලු, අඩුගනනෙ කඩාවැටුන් ගුවන් යානයකින් වැටුනු තෙල්
බින්දුවක් වත් හොයාගන්න බැරි වෙලා.
මේ ගැන පරීක්ෂන පවත්වපු අයනම්
කියන්නෙ මේ ප්‍රදේශයේ තියනන අසාමාන්‍ය ගුරුත්වාකර්ශණන නිසාලු මෙහෙම වෙලා
තියෙන්නෙ. ඒත් ඒ මතයත් එක්ක එකඟවෙන් බැරිවෙලා තියෙන්නෙ අසාමාන්‍ය
ගුරුත්වාකර්ශණනයක් තිබුනත් මෙ කඩා වැඩුනු දේවල් වැටුනු තැනක් හොයාගන්න
බැරිවුනු නිසා. තවත් දෙයක් තමයි ගුරුත්වාකර්ශණනයකින් එහෙම වුනානම් හැම
ගුවන් යානකටම බලපාන්න ඕනනෙ. ඒත් මෙතන එහෙම දෙයක් වෙලා නැහැනෙ, සමහර ඒවට
විතරයි මෙහෙම වුනෙ.
1945.12.05 නෙිද ඇමරිකානු නාවික හමුදාවෙ බෝම්බ දාන
ගුවන් යානා 5ක් මේ ප්‍රදේෂයක උඩින් ගමන් කරමින් තියෙනව. මේවා ගුවන් ගත වුනු
වෙලාවෙ ඉදල සාමාන්‍ය විදියට පාලක මැදිරියත් එක්ක රේඩියො සම්බන්දතා පවත්වල
තියනව, එත් එක පාරටම ඒව නැවතිල තියනව. රේඩියො උපාංගවල වරදක් කියල හිතාගෙන ඒ
අය යානා කුවන් තොටුපලට එනකම් බලාගෙන ඉදල තියනව. ඒත් ඇවිලිල නැහැ.
බර්මියුඩා ත්‍රිකෝනය කිට්ටුව ප්‍රදේශයේ රේඩාර් සිග්නල් වැඩකරමින් ගමයි
තිබිල තියෙන්නෙ, ඒත් ගුවන් යානා ගැන කිසිම හෝඩුවාවක් ලැබිල නැහැ.
පස්සෙ
මේව හොයන්න තවත් ගුවන් යානයක් යවල තියනව ඒ වෙලාවෙ හරිම පුදුම දෙයක් තමයි
වෙලා තියෙන්නෙ. මේ ගුවන් යානය පිටත්වෙලා විනාඩි 10කට පස්සෙ පාලක මැදිරියත්
එක්ක තිබුනු රේඩියො සම්බන්දතා ටික ටික නැවතිල තියනව. හෙයන්න ගිය යානයේ
ගුවන් නියමුව එකපාරටම පාලක මැදිරියට පනිවිඩක් එවල තියනව මෙහෙමයි ඒකෙ
කියවිලා තියෙන්නෙ
v “ මගේ ගුවන් යානයට උඩින් අහසෙ අමුතු හැඩයේ විශාල යමක් මට පේනව. දැන් ගුවන් යානය මට පාලනය කරන්න බැහැ. ගුවන් යානය ඒ පැත්තට…”
මේක තමයි ගුවන් නියමුව අන්තිම පණිවිඩය. පස්සෙ මේ ගැන විශා පරීෂන පවත්වල
තියනව ඒත් ගුවන් යානාවල ගිය ගුවන් නියමුවන් 15 දෙනා ගැනවත් ගුවන් යානා 6 ට
මොකද වුනේ කියලවත් හොයා ගන්න බැරිවෙලා තියනව. හරිම පුදුමයි නේද?
1. සජල මීතේන් සිද්ධාන්තය( Methane Gas Hydrates Theory)
බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත මුහුදු පත්ලේ විශාල මීතේන් නිධියක් පිහිටා
ඇති බව මේ වනවිට සොයා ගෙන තිබේ. මීතේන් යනු සරල ඇල්කේනයකි. මුහුදු පත්ලේ
මීතේන් නිධිගත වී ඇත්තේ වායු මළු (gas pockets) ආකාරයටය. සමහර අවස්ථා වලදී
අධික පීඩනය හේතුවෙන් මෙම වායු මළු පිපිරී මීතේන් විශාල වශයෙන් මුහුදු ජලය
හා මිශ්‍ර වේ. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ මුහුදු ජලයේ ඝනත්වය එක්වරම පහළ
බසියි. එවිට මුහුද මතුපිට යාත්‍රා කෙරෙමින් ඇති ඕනෑම බෝට්ටුවක් හෝ නෞකාවක්
තත්පර 10 කට අඩු කාලයකදී ගිලී යා හැක. ඒ ආකාරයටම මීතේන් වායුව විශාල
වශයෙන් වාතය හා මුසු වීමෙන් වායුගෝල ඝනත්වය අඩු වී අහසේ පියාසර කෙරෙමින්
ඇති ගුවන් යානා වායු කලාපය තුළ ගිලී යයි. (එනම් කඩා වැටේ.) ඊට අමතරව වාතයේ
මීතේන් සාන්ද්‍රණය වැඩි වී, ඉන්ධන දහනයට අවශ්‍ය ඔක්සිජන් හිඟ වීමෙන් ගුවන්
යානා එන්ජින් අක්‍රීය වීමද සිදු විය හැකිය.
2. ගල්ෆ් දියවැල් සිද්ධාන්තය (Gulf Stream Theory)
ගල්ෆ් දියවැල යනු ලොව දීර්ඝතම දියවැල් වලින් එකකි. සැතපුම් 60 ක් පළලැති,
තත්පරයට අඩි 8 ක පමණ වේගයෙන් ගලා යන මෙහි ගමන් මාර්ගය බර්මියුඩා ත්‍රිකෝණයේ
කොටසක් හරහා වැටී තිබේ. මෙම මතය දරන්නන්ගේ තර්කය වනුයේ යම් යම් හේතූන්
නිසා මුහුදට කඩා වැටෙන ගුවන් යානා වල හා ගිලී යන නැව් වල සුන්බුන් කිසිවක්
සොයා ගත නොහැකි වන්නේ ඒවා ගල්ෆ් දිය වැලට හසුව මුහුදේ ඈත ප්‍රදේශයන් වෙත
ගසාගෙන යන නිසා බවයි.
3. රෝග් දිය රැළි සිද්ධාන්තය (Rogue Waves Theory)
1995 වසර වනතෙක්ම හුදෙක් සංකල්පයක් ලෙස පැවතුණු රෝග් දිය රැළි ගැඹුරු
මුහුදේ හටගන්නා ඉතා විරල ගණයේ දිය රැළි විශේෂයකි. සාමාන්‍ය මුහුදු රැළි හා
රෝග් රැළි අතර අනුපාතය 200,000:1 ක් පමණ වේ. මේවා ස්වභාවයෙන්ම අති දැවැන්ත
වන අතර එක් දිය රළක් අඩි 40 ක සිට අඩි 200 ක් පමණ දක්වා උස් විය හැක! විශාල
සුළි කුණාටු හා අකුණු ගැසීම් නිසා මෙවැනි දිය රැළි ඇති වන බව විද්‍යාඥයෝ
විශ්වාස කරති. වඩාත් භයානක තත්ත්වය වන්නේ මෙබඳු දිය රළක් ඇති වන බව කලින්
හඳුනා ගැනීමට හෝ අනතුරු හැඟවීමට ක්‍රමයක් නොමැති වීමයි. ක්ෂණයකින් හට ගන්නා
රෝග් රැළි ඊළඟ නිමේෂයේදී අතුරුදහන් වේ. මේ දිය රළකට හසු වන ඕනෑම ප්‍රමාණයක
නැවක් සුළු මොහොතකදී කිසිදු සළකුණක් ඉතිරි නොකොට මුහුදුබත් විය හැකිය.
උදාහරණයක් ලෙස ගතහොත් මෙතෙක් මිනිසා නිපදවා ඇති විශාලතම නැව වන Knock Nevis
නෞකාව (මෙහි දිග අඩි 1503 කි. Titanic නෞකාවේ දිග අඩි 882.5 ක් විය.)
සම්පූර්ණයෙන්ම මුහුදේ ගිල්වා දැමීමට අඩි 157 ක් උසැති රෝග් දිය රළකට
පුළුවන. මේ ආකාරයටම අහසේ පහළ මට්ටමක ගමන් ගන්නා ගුවන් යානයක් වුවද රෝග් දිය
රළක ග්‍රහණයට හසු විය හැකිය. එහෙත් බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත ප්‍රදේශ
වල රෝග් රැළි හට ගැනීමක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.
4. හරිකේන් සුළි කුණාටු සිද්ධාන්තය Hurricane Storm Theory
බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව සුලභ වශයෙන් හරිකේන් කුණාටු හට ගනී. වර්තමාන
තාක්‍ෂණය අනුව මෙවැනි කුණාටුවක් ඇති වීමට සතියකට පමණ පෙර ඒ පිළිබඳව අනතුරු
ඇඟවිය හැකි වුවද 50, 60, 70 ආදී දශක වල එවන් පහසුකම් නොතිබිණ. දරුණු
හරිකේනයක් අතරමැද ඇති වන Micro Burst තත්ත්වයකදී (මෙහිදී සිදු වන්නේ
කුණාටුවේ මධ්‍ය කොටස ඉහළ ඇති වාතය පහළට උරාගෙන එම වාතය එක්වරම දෙපසට
විහිදුවා හැරීමයි. මෙලෙස විහිදී යන සුළං ධාරා වලට දැවැන්ත වෘක්ෂයක් මුලින්
උදුරා දැමිය හැකිය.) ඊට මැදි වන නෞකා හෝ ගුවන් යානා වලට අත් වන්නේ ඛේදජනක
ඉරණමකි.
5. චුම්බක ක්ෂේත්‍ර බලපෑම් සිද්ධාන්තය Electromagnetic Aberration Theory
පෘථිවිය සතුව ඇති චුම්බක ක්ෂේත්‍රය විටෙක අසාමාන්‍ය හැසිරීම් දක්වයි.
සාමාන්‍යයෙන් මාලිමාවක දර්ශකය සෑම විටම චුම්බක උතුරට දිශාගත වී පැවතුණද,
පෘථිවියේ සමහර ස්ථාන වලදී දර්ශකය වෙනත් දිශා වලට හැරේ. සමහර විට කිසිදු
දිශාවකට නොහැරේ. භෞතිකමය සංසිද්ධීන් නිසාද මාලිමා දර්ශක මෙවැනි හැසිරීම්
රටා දක්වන බව මේ වනවිට සොයා ගෙන තිබේ. උදාහරණයක් ලෙස ගෝබි කාන්තාරය දැක්විය
හැකිය. ගෝබි කාන්තාරයේ කඳු වල ඇති පාෂාණ අධික ලෙස චුම්බක ගුණ දරන බැවින්
එවැනි කඳු අසලදී මාලිමා දර්ශකය හැරෙනුයේ චුම්බක උතුර දෙසට නොව කන්ද දෙසටය.
බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතවද පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ යම්
අසාමාන්‍යතාවක් තිබිය හැකි බවත්, එනිසා අහස් යානා හා නැව් වල දිශාව සොයන
උපකරණ දෝෂ සහගත වී ඔවුන් මංමුළා වන බවත් සමහර විද්‍යාඥයෝ පවසති.
6. ඇට්ලාන්ටිස් පැහැර ගැනීම් සිද්ධාන්තය Atlantis Abduction Theory
මෙය තරමක් පිළි ගැනීමට අපහසු මතයකි. ඈත අතීතයේදී ඉතා දියුණු ශිෂ්ටාචාරයක්ව
පැවතුණු ඇට්ලාන්ටිස් නගරය යම් හේතුවක් නිසා ක්‍රිස්තු පූර්ව 9600 දී
සම්පූර්ණයෙන්ම මුහුදුබත් විය. මේ වනවිට මෙම නගරයේ සුන්බුන් මුහුදු පත්ළේ
තිබී හමු වී තිබේ. මෙම මතය දරන්නන්ගේ අදහස වනුයේ ඇට්ලාන්ටිසය විනාශ වුවද,
එහි ජීවත් වූවන් තමන් සතු වූ අතිශය දියුණු තාක්ෂණික දැනුම ආධාරයෙන් දිවි
ගලවා ගත් බවයි. ඔවුන්ගේ අදහස අනුව එම ශිෂ්ටාචාරය මේ වනවිටත් මුහුදු පත්ළේ
හෝ ඊටත් පහළ පෘථිවි ස්ථරයක පවතී. ක්‍රිස්තු පූර්ව යුගයේදී ඒ සා දැනුමකට
උරුමකම් කියූ ඇට්ලාන්ටිසයන් වර්තමානය වනවිට විද්‍යා හා තාක්‍ෂණ දැනුමෙන්
සාමාන්‍ය මිනිසා අභිබවා බොහෝ දුර ගොස් ඇති බවත්, මෙම ගුවන් යානා හා නෞකා
අතුරුදහන් වීම් පසුපස සිටින්නේ ඇට්ලාන්ටිස් වැසියන් බවත් මොවුහු විශ්වාස
කරති.
7. කාල-අවකාශ තරණ සිද්ධාන්තය Space-time Continuum Theory
නවීන තාරකා හා අභ්‍යවකාශ විද්‍යාවේ පවතින වැදගත්ම සංකල්පයක් ලෙස "පණු
කුහර" (Worm Holes) හැඳින්විය හැකිය. ප්‍රායෝගිකව තවමත් මෙවැන්නක් සොයා ගෙන
නොතිබුණද, මේවා පැවතිය හැකි බව බොහෝ විද්‍යාඥයෝ තර්ක කරති. සරලව පැහැදිලි
කළහොත්, කාලය හරහා හෝ අවකාශය හරහා ගමන් කළ හැකි නළයක හැඩැති මාර්ගයක් පණු
කුහරයක් ලෙස අර්ථ දැක්වේ. මෙවැනි නළයක දෙපස විවරයන් දෙක A හා B යැයි සිතමු.
ඔබ A විවරයෙන් නළයට ඇතුළු වුවහොත් B විවරයෙන් පිට වන්නේ A විවරයට ආලෝක
වර්ෂ සියයක් හෝ දහසක් ඈතින් පිහිටි විශ්වයේ වෙනත් ස්ථානයකට හෝ සමාන්තර
විශ්වයකට විය හැකිය. නැතිනම් A විවරය තිබෙන ස්ථානයේම B විවරයද පිහිටා තිබිය
හැකි අතර එවිට ඔබ B විවරයෙන් පිට වන්නේ A විවරයෙන් ඇතුළු වූ ස්ථානයේම
අතීතයට හෝ අනාගතයට ය! එනම් පණු කුහරය හරහා ගමන් කිරීමේදී ඔබ විසින් අවකාශය
හෝ කාලය තරණය කොට ඇත. මෙම මතය උද්දීපනය කිරීමට සමත්, ප්‍රබල හා ඇසූවන්
කිළිපොළා යැවූ සිදුවීමක් 1964 වසරේ ජූනි 7 දින බර්මියුඩා ත්‍රිකෝණ කලාපයේදී
සිදු විය.
8. පිටසක්වළ බාධා කිරීම් සිද්ධාන්තය Extraterrestrial Interruption Theory
මෙම මතය දරන්නන්ගේ අදහස වනුයේ අතුරුදන් වන ගුවන් යානා හා නැව් සියල්ලම
පාහේ බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව ගැවසෙන යම් පිටසක්වළ ජීව විශේෂයක්
විසින් පැහැර ගනු හෝ විනාශ කර දමනු ලබන බව යි. එය තහවුරු කිරීමට ඔවුහු
කරුණු කිහිපයක් ගෙන හැර දක්වති.
බර්මියුඩා ත්‍රිකෝණයේ දී සිදු වන අතුරුදහන් වීම් අසාමාන්‍ය හා අත්භූත ස්වරූපයක් ඉසිලීම.
අතුරුදහන් වූ කිසිදු ගුවන් යානයක/ නැවක සුන්බුන් හමු නොවීම.
බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත ප්‍රදේශයේ හඳුනා නොගත් පියාසර වස්තු දර්ශනය වීම් බහුලව වාර්තා වීම.
රාත්‍රී කාලයේදී මෙම මුහුදු ප්‍රදේශය ඉහළ අහසේ විවිධ අසාමාන්‍ය ආලෝක
පුංජයන් දක්නට ලැබෙන බව ද, දහවල් කාලයේදී මුහුදේ සිට ඉහළට එසවී අධි වේගයෙන්
ඉහළ අහසට යන වස්තූන් දක්නට ලැබෙන බවද කියැවේ.
- උපුටා ගැනීමකි.-
Mithila fernando
No comments:
Post a Comment