ම්අඩ සියවසක් පසු කලද, මතකයෙන් නොගිලිහුනු කෙනඩි ඝාතනය හා ඊට පසුබිම් වූ සිදුවී.....
ඇමරිකානු එක්සත් ජනපදයේ 35 වන ජනාධිපතිවරයා වූ ජෝන් ෆිට්ස්ජෙරල්ඩ්
කෙනඩි,1963 නොවැම්බර් 22 වන සිකුරාදා දිනදී, ටෙක්සාස් ජනපදයේ, ඩලස් නුවර,
ඩීලී ප්ලාසා පෙදෙසේදී, මධ්‍යම සම්මත වේලාවෙන් ප.ව. 12:30 ට පමණ වෙඩි තබා
ඝාතනය කරන ලද්දේ ජනාධිපති බිරිය වූ ජැකොලින්, ටෙක්සාස් ආණ්ඩුකාර ජෝන් කොනලි
සහ, කොනලිගේ බිරිය නෙලී සමගින්, ජනාධිපති ලිමොසින් රථයේ මෝටර් රථ පෙරහරක
ගමන් කරමින් සිටියදීය. ලී හාවි ඔස්වල්ඩ් නම් හුදකලා වෙඩික්කරුවා විසින්
කෙනඩි වෙත මරණීය තුවාල ගෙන දෙන ලෙසින් වෙඩි තබන ලද්දේය. වෙඩිතැබීමෙන් පසු
පැයක පමණ කාලයක ලුහුබැඳීමකින් අනතුරුව ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු
ලැබුවේ ඇසින් දුටු සාක්ෂි කිහිපයකට අනුවය. කෙනඩි ඝාතනයෙන් දින 2 කට පසු
ඔස්වල්ඩ් වෙඩික්කරුවාව, ඩලස් පොලිසිය වෙත ගෙන යන අවස්ථාවේදී ජැක් රූබි නම්
සමාජශාලා හිමිකරුවා විසින් ඔහුව වෙඩි තබා ඝාතනය කරන ලදී. එහිදී ජැක් රූබි
අත්අඩංගුවට පත්විය.1963 නොවැම්බර් සිට 1964 සැප්තැම්බර් දක්වා දසමසක් පුරා
පවත්වන ලද විමර්ෂණයට පසුව, වොරන් කොමිෂන් සභාව විසින් අවසන් තීරණයකට
එළඹියේ, කෙනඩි ඝාතනය අරභයා ඔස්වල්ඩ් විසින් ස්වීය ලෙසින් ක්‍රියා කරන ලද
බවත්, ඔස්වල්ඩ් නඩු විභාගයකට පෙනී සිටීමට හැකි වීමට පෙර ජැක් රූබි විසින් ද
ස්වීය ලෙසින් ඔහු මරාදැමූ මරා දැමූ බවත්ය. තවද කෙනඩි ජනාධිපතිවරයාගේ
ඝාතනය සිදුවූ අවස්ථාවේ එම රිය පෙරහැර තම ගෘහස්ථ කැමරාවෙන් දර්ශනගත කරමින්
සිටි ඒබ්‍රහම් සැප්රුඩර් නම් පුද්ගලයාට අහම්බයකින් එම ඝාතනය පටිගත කර ගත
හැකි විය. එම දර්ශන පෙළ, දැනට මිනීමැරුමක් දර්ශනගත කල පැහැදිළිම දර්ශන පෙළ
වන අතර එය සැප්රුඩර් චිත්‍රපටය ලෙස ප්‍රචලිතය. මිනීමැරුම් වල දර්ශන කොතරම්
පටිගත වී තිබුනද, මෙහි ජනපතිවරයාගේ හිස වෙඩි පහරවල් දෙකකින් පසාරු වී යන
අයුරු පැහැදිළිව දක්නට තිබේ. මෙම සැප්රුඩර් චිත්‍රපටය, ඝාතනය පිළිබඳ
පරීක්ෂණ වලට බොහෝ සෙයින් උපකාර වී තිබේ. එක් දර්ශනයක දක්නට ලැබෙනුයේ
වෙඩිතැබීම වීමට තප්පර කීපයකට පෙර ජනපති ගමන්ගත් රථයේ පිටුපස රතු බල්බය
හෙවත් තිරිංග බල්බය දැල්වෙන ආකාරයයි. එහිදී රියදුරු රථයේ වේගය අඩු කිරීමට
උත්සහ ගත් බවක්ද පරීක්ෂණ වලදී අවධානයට ලක් වී ඇත. ඒ පිළිබඳව රථය පිටුපසින්
ගමන් ගත් යතුරුපැදි පොලිස්වරයා ද තහවුරු කර ඇත. තවද ජනාධිපතිවරයා ට වැදුනු
උණ්ඩ තුනෙන් පළමුවැනි උණ්ඩය වැදී ඇත්තේ ඔහුගේ බෙල්ලට පහලින් දකුණු පසට
වන්නටය. එහි විශේෂ කරුණ නම් එම උණ්ඩය ජනපතිගේ සිරුර තුළින් ගමන් කර ඔහුට
ඉදිරි අසුනේ ගමන්කරමින් සිටි කොනලි ආණ්ඩුකාරවරයාගේ පිට ප්‍රදේශයට ද
වැදීමයි. එකල පරීක්ෂකවරුන් එය මැජික් බුලට්ටුවක් ලෙස හඳුන්වා ඇත. එහිදී
කොනලි ආණ්ඩුකාරවරයාගේ ජීවිතය බේරුනද එම සිදුවීම ගැන අදහසක් ගැනීමට
සැප්රුඩර් චිත්‍රපටය අවස්ථාව සලසා තිබුනේ උණ්ඩය ජනපති සිරුරට එල්ල වන
අවස්ථාවේදී ඔහු තම බෙල්ල අල්ලාගන්නාවිට, ආණ්ඩුකාරවරයාගේ සිරුරද එක වර චලනය
වීමෙනි. ඔවුන් දෙදෙනාවම එක වර ඝාතනය කිරීමේ අරමුණක් ඇතිව කල සුක්ෂම
මෙහෙයුමක් ලෙසද එකල බොහෝ මත ඇති විය. තවද මෙම සැප්රුඩර් චිත්‍රපටය ඉතිරි
කෙරු සුවිශේෂී සිද්දිය වන්නේ බබුෂ්කා කාන්තාවගේ සිදුවීමයි. බබුෂ්කා යනු
රුසියානු බසින් කරුණාවන්ත අත්තම්මා වැනි අදහසක් දෙන වචනයකි. එනම් රුසියාවේ
අනුන්ට පිහිටවූ මහලු කාන්තාවකට පටබැඳි වචනයකි. මෙම සැප්රුඩර් චිත්‍රපටයේ එන
බබුෂ්කා කාන්තාවට එම නම තබනු ලැබ ඇත්තේ එය පටිගත කල ඒබ්‍රහම් සැප්රුඩර් ම
වේ. ඒ ඔහු රුසියානු ජාතිකයෙක් වන බැවිනි. මෙහිදී මෙම කාන්තාව කෙනඩි
ජනපතිගේ ඝාතනය වූ අවස්ථාවේ ඒ අවට ජනයා සමඟ බොහෝ වෙලාවක් එහි රැඳී සිට ඇත.
සැප්රුඩර් චිත්‍රපටයේ සහ වෙනත් කැමරා වලින් ගත් ඇයගේ පින්තුරද බොහොමයක් වේ.
මෙහි විශේෂත්වය නම් ජනපතිවරයා රථ පෙරහැරේ එන පුරාවටම ඇය කැමරාවකින් එය
පටිගත කරමින් සිටියාය. නමුත් ජනපතිට වෙඩි පහර වැදුණු අවස්ථාවේ අවට සිටි
සියලු ජනයා බිම දිගා වෙද්දී සහ පොලිස්කරුවන් සියලුදෙනා ඒ දිසාවට දිවයද්දී
ඇය සිටගෙනම එම පටිගත කිරීම චකිතයකින් තොරව නොකඩවා කරගෙන යාමයි. සුළු
වේලාවකින් පසු ඇය ජනයා අතර නොපෙනී ගිය බවද, ඉන් පසු ඇය පිළිබඳ කිසිදු
ආරංචියක් නොලැබුන බවද, ඇයව හඳුනන කෙනෙකු හෝ නොසිටි බවටද පොලිසිය විසින්
පවසා ඇත. මෙම කාන්තාවගේ චායරුප තවමත් නොවිසඳුණු අභිරහස් චායාරුප තුල
අන්තර්ගත වේ. තවද සමහරුන්ගේ මතය අනුව ඇය කාලතරණක් මඟින් එම අවස්ථාවට
සම්බන්ධ වූ බව පැවසේ. මෙලෙස මතිමතාන්තර විශාල ප්‍රමාණයක් මෙම සිදුවීම
පිළිබඳ ඇත. තවමත් මෙම මරණය පිළිබඳ ලිපි පළවේ. ජනපතිවරයා ගේ මරණය සිදුවී අඩ
සියවසක් ගත වුවද, තවමත් ඒවා වල අඩුවක් නොමැත්තේ එම සිදුවීම ජනයාගේ සිත්
තුළින් පහ කල නොහැකි අඳුරු සිදුවීමක් වූ බැවිනි
wasath madhukara.
No comments:
Post a Comment