දෙව්ලොව ඇත්තේද මේ මිහිතලය මත යැයි පැවසුවොත්.. එසේ සිතීම සාධාරණීකරණය කල හැකි මිහිබට ඇති අපූර්ව නිර්මාණය කි, වියට්නාමයේ Son Doong ගල් ගුහාව.. එහි ඡායාරූප බැලූවිට එහි චමත්කාරයෙන් ඔබ මුසපත් නොවුණොත් පුදුමයකි.
වියට්නාමයේ ලාඕස් දේශසීමාවේ පිහිටි මෙය ලෝකයේ විශාලතම ගල් ගුහාව යි. 1991 වසරේ Ho khanh නැමති ගැමියාට මෙය අහම්බෙන් නෙත ගැටුණි. මෙහි දිග 6000 m පමණ ද උස 70 m ද පමණ ද වේ.
වියට්නාම බසින් මෙය හඳුන්වන්නේ කඳුකර ගංඟාවේ ගුහාව ලෙසිනි.
අපූර්වත්වය එයයි. මේ හරහා ගංඟාවක් ගලා බසී. සූර්යාලෝකය වැටෙන ප්‍රදේශයේ
සරුසාර වැසි වනාන්තරය කි.
අභ්‍යන්තරයේ දිය ඇලි, පොකුණු ආදී විස්මිත දෑ බොහෝය. 2009 දි බ්‍රිතාන්‍ය ගවේෂණ කණ්ඩායමක් මෙය සම්පූර්ණයෙන් ගවේෂණය කර ඇත. ඇමරිකන් ඩොලර් 3000 ක් ගෙවා ඔබට එහි කඳවුරු බැදිය හැක.. සැබවින්ම එසේ උවහොත් තවත් ලොවක පා තැබුවා යැයි ඔබට සිතෙනු ඇත

No comments:
Post a Comment