Monday, November 9, 2015

ප්‍රංශයේ විස්මිත ගුහා..



ප්‍රංශයේ පිහිටා ඇති මේ ස්වභාවික ගල් ගුහා පද්ධතිය ලෝකයේ භූගතව පිහිටි අලංකාරතම ස්ථාන කිහිපය අතරින් එකකි. මෙය The Gouffre Berger
ලෙස හඳුන්වයි..
1964 වසර තෙක් ලොව ගැඹුරුතම ගුහාව ලෙස හැඳින්වූ මෙය අද වන විට 29 වන ස්ථානයේ පසුවෙයි. මෙහි ගැඹුර මීටර් 1123 ක් වන අතර පත්ලේ විචිත්‍රවත් පොකුණු, දිය ඇලි, හා හිරි ටැඹ, හිරි ලඹ පවතී.
NPC නමින් හඳුන්වන බ්‍රිතාන්‍ය ගුහා ගවේෂණ කණ්ඩායම මෙන්ම ලොව පුරා විවිධ කණ්ඩායම් මෙහි ගවේෂණයේ නිරතවේ. ක්ෂණිකව ජල මට්ටම වැඩි වීම නිසා වර්ෂා කාල වලදී මෙය බිහිසුණු ස්ථානය කි.
ලංකාවේ වවුල්පනේ හුණුගල් ගුහාව, නිල් දිය පොකුණ වැනි මීට නොදෙවෙනි ස්ථාන පැවතිය ද, ඒවා නිසි ලෙස සංචාරක ව්‍යාපාරයට යොදා නොගෙන සඟවා තැබීම ජාතියේ අවාසනාවකි...

No comments:

Post a Comment