ඔන්න මම අදත් ලොවෙන් රටක් විශේෂාංගය අරගෙන ආවා. පොඩි රටක් උනාට අත්දැකීම් එක්ක මොනාකෝව ගැන කියන්න දේවල් බොහෝයි.
මොනාකෝව ස්වාධින රාජ්‍යයක්.ලොව දෙවැනි කුඩාම ස්වාධින රාජ්‍ය මොනාකෝව. ඒ වගේම ලොව වැඩිම ජන ඝනත්වයක් ඇති රට වන්නේත් මෙයයි. මොනාකෝව පිහිටලා තියෙන්නේ කොතේ ද‘සියෝරේ නම් ප්‍රංශය මධ්‍යධරණි මුහුදට සිමාවන ගිනිකොණදිග කොටසේ. තුන් පැත්තකින් ප්‍රංශයෙන් වටවෙලා තියන මොනාකෝව අනෙක් පසින් මධ්‍යධරණි මුහුදෙන් වටවී පවතින්නේ. මොනාකෝව ලොව කුඩාම වෙරලතිරය සහිත රට.
මොනාකෝවේ අගනුවර මොන්ටේ කාලෝ නුවරයි.
මොනාකෝවේ අගනුවර මොන්ටේ කාලෝ නුවරයි.
රට පොඩි උනාට ඉතිහාසය නම් පොඩි නැ. මොනාකෝවේ තියනවා රොචරෙ දි මොනාකෝ කියලා ගල් පර්වතයක්. මේකට නැග්ගම මධ්‍යධරණි මුහුද හොදින් නිරික්ෂණය කරන්න පුලුවන්. මෙන්න මේ පර්වතය ගල් යුගයේ පටන් භාවිතා උනා කියලා කියනවා. පසු කාලිනව ඒ අවට පැවැති විවිධ රටවල් පවා මේ පර්වතය අත්පත් කරගත්තා මධ්‍යධරණි මුහුද නිරික්ෂණය කිරිමේ උපාය මාර්ගයක් ලෙස. මොනාකෝ කියන නම වැටුනේ ක්‍රි.පූ 6වැනි සියවස කාලේදි කියලා තමා කියන්නේ. හර්කියුලිස් කියන රෝම දෙවියාගේ නවතැන කියලා රෝම වැසියන් මෙය හදුන්වලා තියනවා. මොනෝවේ වරාය වන හර්කියුලිස් වරායට එනම ලැබෙන්න හේතුවත් එයයි. මොනාකෝව රෝම අධිරාජ්‍යය යටතේ බොහෝ කාලයක් පාලනය උනා.
ගල් පර්තයේ ස්ථානීය වැදගත්කම නිසා පසුකාලිනව ආක්‍රමණ කිහිපයකට මුහුණ දෙන්න මොනාකෝවට සිදුවෙනවා. ගිරිමල්ඩෝ කැනෙල්ලා විසින් මොනාකෝව තුල රජපෙලපතක් ආරම්භ කරනවා. වර්තමානයේ මොනාකෝව පාලනය කරන දෙවැනි ඇල්බට් කුමරු පැවගෙන එන්නේද ගිරිමල්ඩෝ පරපුරෙනි. ගිරිමල්ඩෝ වරුන් මොනාකෝව සමෘදිමත් කිරිමට ක්‍රියාමාර්ග ගති. පසුකාලිනව ගිරිමාල්ඩෝ පරපුර හා ප්‍රංශය අතර පවතින සබදතා විටෙක මොනාකෝව තුල අර්බුද පවා ඇතිකලේය. මෙවැනි අර්බුද වලදි සහයට පැමිණියේද ප්‍රංශය විසිනි. විටෙක මොනාකෝ කිරුල වෙනුවෙන් වූ බල අරගලය විසදීමට යම් මැදිහත් වීමක් සිදුකිරිමටද ප්‍රංශයට සිදුවිය.
ගල් පර්තයේ ස්ථානීය වැදගත්කම නිසා පසුකාලිනව ආක්‍රමණ කිහිපයකට මුහුණ දෙන්න මොනාකෝවට සිදුවෙනවා. ගිරිමල්ඩෝ කැනෙල්ලා විසින් මොනාකෝව තුල රජපෙලපතක් ආරම්භ කරනවා. වර්තමානයේ මොනාකෝව පාලනය කරන දෙවැනි ඇල්බට් කුමරු පැවගෙන එන්නේද ගිරිමල්ඩෝ පරපුරෙනි. ගිරිමල්ඩෝ වරුන් මොනාකෝව සමෘදිමත් කිරිමට ක්‍රියාමාර්ග ගති. පසුකාලිනව ගිරිමාල්ඩෝ පරපුර හා ප්‍රංශය අතර පවතින සබදතා විටෙක මොනාකෝව තුල අර්බුද පවා ඇතිකලේය. මෙවැනි අර්බුද වලදි සහයට පැමිණියේද ප්‍රංශය විසිනි. විටෙක මොනාකෝ කිරුල වෙනුවෙන් වූ බල අරගලය විසදීමට යම් මැදිහත් වීමක් සිදුකිරිමටද ප්‍රංශයට සිදුවිය.
දෙවැනි ලෝක යුධ සමයේදි මොනාකෝව අපක්ෂපාතික තමා ගැනිමට ඒවකට රජු වූ දෙවැනි ලුවිස් රජු උත්සහ කලා. නමුත් රජුගේම පැවැති සමහර ප්‍රංශ සබදතා නිසා මෙය තරමක් අපහසු විය. දෙවැනි ලෝක යුධයේදි ඉතාලිය මොනාකෝව ආක්‍රමණය කරන අතර පසුව ජර්මණිය මොනාකෝව තමා යටතට ගෙන එහි සිටි යුදෙව් ජාතිකයින් පිටමං කරන්නට විය. මෙසේ අල්ලාගත් බොහෝ යුදෙව්වන් අවුෂ්විට්ස් ඝාතකාගාරයේදි මරණට පත්කෙරිනි. ජර්මනිය පරාජය වීමත් සමග මොනාකෝවද නිදහස් විය.1990 දශකයේ මුල් භාගයේ මොනාකෝව එක්සත් ජාතින්ගේ සාමාජිකත්වය ලබාගත්තේය.
මොනාකෝව ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් ඇති රටක්. රටේ ප්‍රධානියා මොනාකෝ රජ කුමරා වේ. රාජ ප්‍රාප්තිය පිරිමින් අතරින් සිදුවේ.රාජ්‍ය ඇමති ආණ්ඩුවේ ප්‍රධානියා වේ. ජාතික සභාව සාමාජිකයන් 24කින් යුතු වේ. නමුත් විශේෂ ආඥා සම්මත කරන රාජ්‍ය සභාව රාජ්‍ය ඇමතිවරයාද ඇතුලුව සාමාජිකයින් 6කින් යුතු වේ. ප්‍රංශයේ අදිසි හස්තය මෙය තුල පවතින බව නොරහසකි. මොනාකෝව ඒක දේශපාලන පක්ෂ ක්‍රමයක් පැවැති රාජ්‍යයක් වුවත් පසුව බහු පක්ෂ ක්‍රමයක් ඇතිවිය.
මොනාකෝවේ රාජ්‍ය භාෂාව ප්‍රංශ බසයි. නමුත් ඉතාලි, ඉංග්‍රිසි, දේශිය භාෂා ද මොනාකෝව තුල භාවිතා වේ. රෝමානු කතෝලික ආගම පවතින රටකි.
මොනාකෝව සතුව කුඩා යුධ හමුදාවක් ඇතත් ගුවන් හමුදාවක් හෝ නාවික හමුදාවක් නැත. ඊට අදාල සියලුම කටයුතු සිදුකරන්නේ ප්‍රංශය විසිනි.
මොනාකෝව ආර්ථික ශක්තිය අතින් මධ්‍යධරණි කලාපයේ ඉදිරියෙන්ම පසුවන රාජ්‍යයකි. ඉතාම අඩු රැකියා වියුක්තියක් ඇති රාජ්‍යයකි. ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ සංචාරක ව්‍යාපාරයයි. නමුත් මොනාකෝව යුරෝපා සංගමයේ සාමාජිකයෙක් නොවේ. නමුත් ඔහු යුරෝපා සමුලු වලදි නිරික්ෂකයෙන් ලෙස ඉදිරිපත් වේ. මොනාකෝව තුල ඉතා ලිහිල් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. ආදායම් බදු මෙහි නැත. එමෙන්ම ශක්තිමත් බැංකු ක්‍රමයක් පැවැතිම මගින් විදේශිකයන් එම බැංකු වල මුදල් තැම්පත් කරන වාතාවරණය ඔස්සේ මොනාකෝව ආදායම් උපයයි.
පෙර කී පරිදි මොනාකෝව සංචාර ව්‍යාපාරය හොදින්ම කෙරෙන රටකි. මොනාකෝව තුල කැසිනෝ වැනි සූදූ ව්‍යාපරය සරුවට සිදුවේ. සූදූ ව්‍යාපාරය සදහා රාජ්‍ය අනුග්‍රහය ද නොමදව ලැබේ. එහෙමන්ම ෆර්මියුලා වන් මෝටර් රථ තරග වලටද මොනාකේව ප්රකටය. ලෝ ප්‍රකට ෆර්මියුලා වන් ධාවකයන් මොනාකෝව තුල තරග වදි. එහෙන්ම මොනාකෝව තුල පැවැත්වෙන මොන්ටෙ කාලෝ රැලියද තවත් ප්‍රකට ධාවන ඉසව්වකි. එමෙන්ම මොනාකෝව තුල විවෘත ටෙනිස් තරගාවලියක්ද පවත්වයි. එමෙනම් ලොව හොදම රැවල් ඔරු කරුවන් සහභාගි වන රුවල් ඔරු තරගද පවත්වයි.
හර්කියුලිස් වරායේ සිට මොන්ට කාලෝ නගරය නරබන්නෙකුට පෙන්නේ කදු බැවුමක් වැනි පිහිටිමක. එහි වූ ගොඩනැගිලි නිමවි ඇත්තේ බැලු බැල්මට තට්ටු ක්‍රමයක් වැනි ආකාරයකට. විශාල ගොඩනැගිලි අතරින් දිවෙන තියුනු වංගු සහිත මාර්ග ඇත්තෙන්ම සුන්දරයි. ලංකාවේ දහ අට වංගු වැනි මාර්ග මෙහි බහුලයි. රිය පැදවීම සිදුකරන්නේ දකුණින්.
නමුත් ඔබට කිසිදා මොනාකෝවට ගුවන් යානාවකින් යන්න ලැබෙන්නේ නැ. මොකද මොනකෝව සතුව ජාත්‍යන්තර ගුවන් තොටුපලක් නැ. පොඩි පොඩි හෙලිකොප්ටර් අංගන නම් තියනවා. ප්‍රධාන යුරෝපා භූමිය හරහා ඔබ යනවානම් අනිවාර්යයෙන්ම ප්‍රංශය පසු කර යා යුතුමයි. මොනාකෝව වෙත ඔබ රැගෙන යන බස් රථ ඒ අවට රට වල සිට ක්‍රියාත්මකයි.
මොනාකෝව ගැන කතාව අහවරයි.
- රොෂින් චාරුත ප්‍රනාන්දු
No comments:
Post a Comment