කොළඹ කෙළින් වීදිය කෙළවර වන තැන පාර අයිනේ අශ්ව ලාඩමක් හැටියට ඇති විශාල ආරුක්කුවක ලොකු සීනුවක් සවිකර ඇත. මේ සීනුව තිබෙන තැන හඳුන්වන්නේ කයිමන් දොරකඩ නමිනි. එය ඉංග්රිසියෙන් කේමන්ස් ගේට් (Kayman's Gate) යනුවෙනි. පෘතුග්රීසින් හා ලන්දේසින් කිඹුලා හඳුන්වන්නේ කයිමන් නමිනි. කයිමන් දොරටුව යනු කිඹුලන්ගෙන් ගහන වූ දොරටුව යන අරුත් දෙයි.
දැනට අවු 400 කට පමණ පෙර බේරේ වැවේ අතු ගංගාවන් රාශියක් කොළඹ නගරයේ සෑම තැනම මෙන් විහිදී තිබුණි. කොටුව තුලට පැමිණිය යුතු වූයේ මෙම අතු ගංගාවන් ගෙන් එගොඩ වීමෙනි. සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා පෘතුග්රීසීහු මෙම සෑම ගංගාවකම කිඹුලන් ඇති කළහ.
එදා කොළඹ පැමිණිමට හැකි මාර්ග 3 ක් තිබුණි. මෝදර දෙසින් මීගමුව හරහා පුත්තලමට ද ගාලුමුවදොර පිටිය මැදින් බරන්දෙණිය හෙවත් කොල්ලුපිටිය හරහා ගාල්ලට ද තොටලඟ කැළණි පාලමෙන් එගොඩ වී මහනුවර හා කෝට්ටේ රාජධානියද ද මෙම මාර්ග විහිදී තිබුණි.
මහනුවර හා කෝට්ටේ රාජධානියට මුහුණ ලා තිබුනේ මෙම කයිමන් දොරකඩ මුර කපොල්ලයි. කයිමන් දොරකඩ වූ බෙල් ප්රයි නම් මෙම විශාල සීනුව භාවිතා වූයේ අනතුරු හැඟවීම සඳහා ය. බලකොටුවට පිටින් හරියටම කයිමන් දොරකඩ මහා ද්වාරය ලඟින් බේරේ වැවේ අතු ගංගාවක් තිබුණි. මේ අතු ගංගාව හරහා කොටුව තුලට ඒමට යකඩ දම්වැල් ආධාරයෙන් වුවමනා වේලාවට උස් පහත් කල හැකි පාලම් තිබුණු බවට සාක්ෂි ඇත.
උපුටා ගැනීම - පුරාණ ලංකාවේ ගම්දොර විත්ති
වටිනා විස්තරයක්.......
ReplyDeleteවටිනා විස්තරයක්.......
ReplyDelete